
දශක කිහිපයකින් පසු උසස් අධ්‍යාපනයේ සිදු කළ යුතු විශාලතම ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් ෆෙඩරල් රජය සමාලෝචනය කිරීම හමුවේ විශ්ව විද්‍යාලවල විශාල වෙනස්කම් දැක ගැනීමට හැකි වනු ඇතැයි විචාරකයන් පවසනවා.
අනාගත ආර්ථිකයට සහාය වීම සඳහා සැලකිය යුතු වෙනසක් අවශ්‍ය බව නිර්දේශ කරමිනුයි ඔස්ට්‍රේලියා විශ්ව විද්‍යාල මගින් නව යෝජනා සමාලෝචනය අංශයට භාර දී ඇත්තේ.
පුරවැසියන්ගෙන් සියයට 80කට 2050 වන විට විශ්වවිද්‍යාලයක් හෝ ඉහළ මට්ටමේ තාක්ෂණික සුදුසුකම් ලැබීමට අවශ්‍ය වන බව එහි සඳහන්.

ජාතික නිපුණතා හිඟ ප්‍රදේශ ඉලක්ක කිරීම, උපකාරක ගෙවීම් ලබා ගැනීම පහසු කිරීම, විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් නොලබන සිසුන් සඳහා නොමිලේ පාඨමාලා වැඩි කිරීම ඇතුලුව නව රැකියා හඳුන්වා දීම ද එම වාර්තාව මගින් යෝජනා කර තිබෙනවා.
විශ්වවිද්‍යාල හොඳින් කළමනාකරණය කරන්නේ නම් එමගින් ජීවිත වෙනස් කරන අතර විශ්ව විද්‍යාලවලට ජාතීන් ද වෙනස් කළ හැකි බවයි සමාලෝචන කමිටුවේ සභාපති මේරි ඕ’කේන් ප්‍රකාශ කළේ.

එය සිදු කිරීම සඳහා, ෆෙඩරල් රජය මගින් අඩු සහ මධ්‍යම ආදායම් ලබන සිසුන්ට උසස් අධ්‍යාපනය හැදෑරීම පහසු කිරීම අවශ්‍ය වනු ඇති බව පෙන්වා දී තිබෙනවා.
අගමැති ඇන්තනි ඇල්බනීස් සඳහන් කර ඇත්තේ මෙමගින් සිසු සිසුවියන් ඇතුලු තරුණ ප්‍රජාවට රැකියා පුරප්පාඩු පිරවීමට, ආර්ථිකය මෙහෙයවීමට මෙන්ම ඔවුන් සහ ඔවුන්ගේ පවුල් සඳහා හොඳ ජීවන තත්ත්වයක් ලබා දීමට හැකි වනු ඇති බවයි.