Search

ලින්කන් නිසා පිරිසක් පීඩාවට පත් වෙද්දී තවත් පිරිසක් සතුටින්

බටහිර ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපෑම් කළ ලින්කන් නිවර්තන සුළි කුණාටුව හමුවේ පලතුරු වගා කරන්නන්ට දැඩි හානි සිදු වී තිබෙනවා.

දීර්ඝ කාලයක් පැවති නියඟයකින් පසුවයි කලාපයට අධික වර්ෂාවක් ද සමග ලින්කන් සුළි කුණාටුව පැමිණ තිබුණේ.

මෙම සුළි කුණාටුව හමුවේ සෙනසුරාදා රාත්‍රියේ පර්ත් නගරයට උතුරින් කැනාවන් (Carnarvon) හි ගැස්කොයින් (Gascoyne) නගරයට මිලිමීටර් 78ක වර්ෂාපතනයක් සහ පැයට කිලෝමීටර 76ක් දක්වා තද සුළං ඇති වුණා.

එක් ගොවියෙකු පැවසුවේ උණුසුම් කාලගුණය සහ අධික වර්ෂාපතනය හේතුවෙන් තම කොමඩු වගාවට ඩොලර් 40,000ක පමණ හානියක් සිදුව ඇති බවයි.

තක්කාලි, කැප්සිකම් සහ පිපිඤ්ඤා වගාව සඳහා සකස් කර තිබූ බිම් ද අධික වැසි හමුවේ විනාශ වී ගොස් තිබෙනවා.

කෙසේවෙතත් සත්ත්ව පාලනයේ නිරතවන ගොවීන්ට මෙම වැසි තත්ත්වය වාසිදායක වී ඇති අතර ඔවුන් ප්‍රකාශ කළේ වැසි නොමැති විම හමුවේ සතුන්ට ආහාර ලබාදීමට ද අපහසු කරුණක් වී තිබූ බවයි.

ලින්කන් නිවර්තන සුළි කුණාටුවේ ප්‍රබලත්වය තීව්‍ර වනු ඇති බවට කාලගුණ විද්‍යා කාර්යාංශය මීට පෙර පුරෝකථනය කර තිබුණ ද පසුව එහි අවදානම අඩු බවට පසුව ප්‍රකාශ කෙරුණා.

කෙසේවෙතත් අනතුරුදායක තත්වයන් සඳහා සූදානම් වන ලෙස නිවැසියන්ට මෙන්ම සංචරකයන්ට අනතුරු අඟවා ඇති ද සඳහන්.

ටැටූ ගහල නම් රැකියා නැහැ – ශ්‍රී ලංකා පොලීසියෙන් අවවාදයක්

ශරීරයේ කිසියම් හෝ ස්ථානයක ටැටූ ගසා ඇත්නම් පොලිස් දෙපාර්තමේන්තුවේ රැකියා සඳහා අවස්ථාව හිමි නොවන බව ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝජ් සමරසේකර පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියා නිපුණතා හිඟයට University වලින් විසඳුම්

ඔස්ට්‍රේලියා විශ්ව විද්‍යාල පුහුණු ශ්‍රමිකයින්ගේ අවශ්‍යතා වෙනුවෙන් විශේෂිත වැඩසටහන් දියත්කරමින් සිටින බව මෙල්බන් විශ්ව විද්‍යාලය පවසනවා.

Read More »