Search

MH370 යානය අතරුදන් වී වසර 10ක් ගතවෙද්දී ඔස්ට්‍රේලියාවට බලපෑමක්

2014 වසරේදී අතුරුදන් වූ මැලේසියා ගුවන් සේවයේ MH370 යානය සොයා නව මෙහෙයුම් ආරම්භ කරන ලෙස ඔස්ට්‍රේලියානු රජයෙන් සිදු කෙරෙන ඉල්ලීම් ඉහළ යමින් ඇතැයි වාර්තා වනවා.

ඒ අතුරුදහන් වූ MH370 යානය ක්වාලාලම්පූර් නුවරින් ගුවන්ගත වී වසර 10ක් සපිරීම සැමරීම වෙනුවෙන් යානයේ සිටි අයගේ පවුල්වල සාමාජිකයන් සූදානම් වීම හේතුවෙන්.

2014 වසරේ මාර්තු මස 8 වනදා ඉන්දියන් සාගර කලාපයේ දී අතුරුදහන් වන විට බීජිං බලා පිටත් වූ ගුවන් යානයේ කාර්ය මණ්ඩලය ද සමගින් 239 දෙනෙකු ගමන් කරමින් සිටියා.

පළමු සෙවීමේ මෙහෙයුම්වලට එක් වූ සාගර විශේෂඥයෙකු වන පීටර් වෝනින්ග් කියාසිටියේ ඔස්ට්‍රේලියානු ප්‍රවාහන ආරක්ෂණ කාර්යාංශය මෙහෙයුම භාර ගැනීමෙන් පසු එය නිසි ලෙස ක්‍රියාත්මක නොවූ බවයි.

ප්‍රවාහන විමර්ශන අධිකාරියකට මානව ඉතිහාසයේ විශාලතම සෝදිසියක් වන මෙවැනි විමර්ශනයක් සිදු කළ හැකි යැයි උපකල්පනය කිරීමේදී ඔස්ට්‍රේලියානු රජය මූලික වැරැද්දක් කර ඇති බව ඔහු පෙන්වා දෙනවා.

ආයතනය තුළ යහපත් චේතනා ඇති පුද්ගලයින් සිටියද සෙවීම් පවත්වාගෙන යාමට එය සුදුසු ආයතනයක් නොවූ බවයි ඔහු ප්‍රකාශ කළේ.

දකුණු ඕස්ට්‍රේලියාවේ වෙරළට ඔබ්බෙන් හමු වූ ගුවන් යානයක විශාල තටුවක් වැනි කොටස සම්බන්ධයෙන් බලධාරීන් විමර්ශනය කළ යුතු බව ද පීටර් වෝනින්ග් විශ්වාසය පළ කරනවා.

කෙසේවෙතත් ඔස්ට්‍රේලියානු ප්‍රවාහන ආරක්ෂණ කාර්යාංශය ප්‍රධාන කොමසාරිස්වරයා පැවසුවේ නව මෙහෙයුමක් සඳහා රජයේ සම්පත් කැප කිරීම සංවිධානයේ කාර්යයක් නොවන බවයි.

මෙහෙයුම්වලට සහාය වන ලෙස ඉල්ලීමක් ඇත්නම් එය ඔස්ට්‍රේලියානු රජය වෙත කරන අතර එය සිදු කරනු ලබන්නේ කුමන ආයතනයක් මගින් ද යන්න තීරණය කිරීමට භාහිර පුද්ගලයන්ට නොහැකි බවයි ඔහු කියාසිටියේ.

බෝයිං 777 වර්ගයේ මැලේසියා යානය අතුරුදහන් වීමෙන් පසු ඔස්ට්‍රේලියාවට බටහිරින් ඉන්දියන් සාගරයේ සිට මධ්‍යම ආසියාව දක්වා සෝදිසි කිරීම් සිදු කෙරුණා.

MH 370 ගුවන් යානය අතුරුදහන් වීම ඉතිහාසයේ වඩාත්ම ප්‍රසිද්ධ සිදුවීමක් බවටයි පත්ව ඇත්තේ.

වික්ටෝරියාවේ දිය ඇල්ලක් අසල Graffiti ඇඳි පිරිස සොයා පොලිස් විමර්ශන

වික්ටෝරියාවේ සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථනයක් වන Paradise ඇල්ලේ ගල් බිත්තියක් මත කිසියම් පිරිසක් විසින් නීති විරෝධී ලෙස Graffiti ඇඳ තිබෙනවා. Paradise ඇල්ල සංචාරකයින් අතර වඩාත්

Read More »

වික්ටෝරියාවේ අධික වේගයෙන් රිය පදවන අය සොයයි

අධික වේගයෙන් ධාවනය කරන මෝටර් රථ රියදුරන් සෙවීමට වික්ටෝරියා පොලිසිය ජාතික මාර්ග ආරක්ෂණ සතිය [National Road Safety Week] නමින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »