Search

බින්දුවක් නිසා ඩොලර් මිලියනයකට ආසන්න මුදලක් වික්ටෝරියා ප්‍රාන්ත සමාගමකට අහිමි වෙයි

වැරදීමකින් ඩොලර් 99,500ක් වෙනුවට ඩොලර් 995,000ක් ගිණුමට බැර වූ පුද්ගලයෙකුට එම මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබෙනවා.

වික්ටෝරියා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කොව් සෙන්ග් චායි නම් මෙම පුද්ගලයාගේ වත්කම් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කර ඇති අතර ඔහුට ඔස්ට්‍රේලියාවෙන් පිටවීම වළක්වන වාරණ නියෝගයක් ද පැනවීමටයි පියවර ගෙන ඇත්තේ.

වෙබ් අඩවියක් මගින් ක්‍රියාත්මක කරන ක්‍රිප්ටෝ කරන්සි (Cryptocurrency) ගනුදෙනු සමාගමක් වන රයිනෝ ට්‍රේඩින් (Rhino Trading) මගින් මෙම මුදල් බැරවීම සිදු වී ඇති අතර ඔවුන් එම පුද්ගලයාගෙන් මුදල් ආපසු ලබා දෙන ලෙස ඉල්ලීම් කර තිබුණා.

ඊට ප්‍රතිචාර දැක්වීමට අපොහොසත් වීමෙන් පසුවයි ඔහුගේ වත්කම් අත්හිටුවන ලෙස සහ රට හැර යාම වළක්වන නියෝගයක් සඳහා වික්ටෝරියානු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර ඇත්තේ.

අදාළ සමාගම සඳහන් කර ඇත්තේ ඩොලර් 99,500ක් සටහන් කළ යුතු වුවත් තවත් බින්දුවක් වැරදීමකින් සටහන් වීම හමුවේ අදාළ පුද්ගලයාගේ ගිණුමට වැඩි වශයෙන් මුදල් තැන්පත් වී ඇති බවටයි.

ක්‍රිප්ටෝ කරන්සි යනු ඩිජිටල් මුදල් ඒකකයක් වන අතර එය online පද්ධතියක් හරහා ජනතාවට සෘජුවම ගෙවීම් කිරීමට ඉඩ සලසනවා.

බැංකු මගින් නොව බ්ලොක් චේන් (blockchain) ලෙස හඳුන්වන විමධ්‍යගත ලෙජරයක් හරහායි එහි ගනුදෙනු තහවුරු කරනු ලබන්නේ.

සමාගම් අධ්‍යක්ෂවරයෙක් ද වන මැලේසියා ජාතික සැකකරු අධිකරණයේ පෙනී සිට නැහැ.

මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය ශානන් කූනි (Shaanan Cohney) පවසන්නේ මෙම නඩුව මගින් ක්‍රිප්ටෝ කරන්සි වෙළඳාමේ අවදානම පිළිබඳ මනා අවබෝධයක් ලබා දෙන බවයි.

ඇමරිකාවේ කුරුළු උණ පාලනයකින් තොරව පැතිරේ

මේ වන විට එක්සත් ජනපද ගොවිපලවල කුරුළු උණ පාලනයෙන් තොරව ව්‍යාප්තවීම සිදු වෙමින් පැවැතීම ගැන එරට ප්‍රමුඛ සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු හඟවනවා.

Read More »

ගුවන් ගමන් වලට  Power bank තහනමක් !

එක්සත් රාජධානියේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්‍රිතාන්‍ය සංචාරකයින්ට අතේ ගෙන යා හැකි Power bank ගමන් මලුවල ඇසුරුම් නොකරන ලෙස අනතුරු අඟවා තිබෙනවා.

Read More »