වික්ටෝරියා ප්‍රාන්තයේ අතුරුදන් වූ තිදරු මව ගැන පොලිසිය කියන කතාව

වික්ටෝරියා ප්‍රාන්තයේ බටහිර ප්‍රදේශයේදී අතුරුදන් වූ තිදරු මව සෙවීමේ මෙහෙයුම් සඳහා ස්වේච්ඡා කණ්ඩායම් සහ ආරක්ෂක අංශ ඇතුළුව 200ක පමණ පිරිසක් තවදුරටත් මෙහෙයුම්වල නිරත වනවා.

51 හැවිරිදි සමන්තා මර්ෆි තවමත් ජීවතුන් අතර ඇතැයි සිතිය නොහැකි බවටයි පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ.

සති තුනකට පමණ පෙර අබිරහස් ලෙස අතුරුදහන් වූ කාන්තාව සොයා වික්ටෝරියාහි බටහිර ප්‍රදේශයේ බැලරට් ප්‍රජාවේ සාමාජිකයින් ද සති අන්තයේ මෙහෙයුම්වලට එක්ව සිටිනවා.

සෙවීම් කටයුතු සම්බන්ධ විමර්ශනය අතරතුර දුරකථන දත්ත මත පදනම්ව ද බලධාරීන් පරීක්ෂණ සිදු කරන බව සඳහන්.

මෙම තිදරු මව ජීවතුන් අතර ඇතැයි සිතිය නොහැකි බව පොලිසිය පැවසුව ද, ප්‍රජා සාමාජිකයින් පවසන්නේ ඔවුන්ට ඇයව තවදුරටත් සෙවීමට අවශ්‍ය බවයි.

මර්ෆි පසුගිය 4 වනදා උදෑසන නිවසින් පිටත්ව ගොස් සති තුනකට ආසන්න කාලයක් ගත වී ඇති අතර ඇය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු හෝඩුවාවක් ලැබී නැහැ.

පෙරවරු 7ට පමණ නිවසින් පිටත්ව ගොස් පැයකට පමණ පසු ඇය මවුන්ට් ක්ලියර් ප්‍රදේශයට ළඟා වූ බව විශ්වාස කෙරෙනවා.

විමර්ශකයින් CCTV දර්ශන ද සමාලෝචනය කරන අතර කාන්තාව සොයා ගැනීමට ඔවුන් තොරතුරු 500කට වැඩි ප්‍රමාණයක් සම්බන්ධයෙන් පසු විපරම් කරමින් සිටිනවා.

හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙක් රක්ෂිත බන්ධනාගාරයට

හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ස්ලේටර් ගෘහස්ත හිංසනයට අදාළ වැරදි කිහිපයක් සම්බන්ධයෙන් වූ චෝදනා මත පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

රුධිරය පරිත්‍යාග කරන්නැයි ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලීමක්

බොන්ඩායි ජන්ෂන්හි සිදු වූ පිහි ඇනුම හේතුවෙන් රුධිරය පරිත්‍යාග කරන ලෙස ඔස්ට්‍රේලියානු රතු කුරුස සංවිධානය විසින් ඉල්ලීමක් ඉදිරිපත්ති කර තිබෙනවා.

Read More »

අතුරුදන් වෙන්න යන දූපත් සමූහයක් රැක ගන්න ඔස්ට්‍රේලියානු ඉංජිනේරුවෙක් පෙරට එයි

ඔස්ට්‍රේලියාව සහ හවායි අතර පිහිටි කුඩා දූපත් නවයකින් සැදුම්ලත් ටුවාලු රාජ්‍ය වසර 50ක් ඇතුළත අතුරුදහන් වනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ප්‍රධාන නගර රැසක ආරක්ෂාව දැඩි කරයි

පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් අද ඔස්ට්‍රේලියානු නගර රැසක් අවහිර කරමින් විරෝධතා ව්‍යාපාරයක් සිදු කිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසනවා.

Read More »