සිම්බාබ්වේ රාජ්‍යයේ වනෝද්‍යානයකදී ඔස්ට්‍රේලියා සංචාරකයෙක් අතුරුදන්

සිම්බාබ්වේ රාජ්‍යයේ වික්ටෝරියා ෆෝල්ස් ජාතික වනෝද්‍යානයේ දී අතුරුදන් වූ ඔස්ට්‍රේලියානු සංචාරකයෙකු සොයා මෙහෙයුම් ආරම්භ වී තිබෙනවා.

සිකුරාදා සිට අතුරුදහන් වී සිටින මෙම ඔස්ට්‍රේලියානු ජාතිකයා 67 හැවිරිදි වියේ පසුවන අයෙක් බවට සඳහන්.

ඔහුගේ අනන්‍යතාව පිළිබඳ වෙනත් තොරතුරු අනාවරණය වී නොමැති බවයි උද්‍යාන ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

සිම්බාබ්වේ පොලිසිය, නිල සුනඛයන් සහ ඩ්‍රෝන යානා යොදා ගනිමින් මෙම ඔස්ට්‍රේලියානු සංචාරකයා සොයා මෙහෙයුම් සිදු කරනවා.

සිම්බාබ්වේ ජාතික වනෝද්‍යාන සහ වනජීවී කළමනාකරණ අධිකාරියේ ප්‍රකාශක ටිනාශේ ෆරාවෝ (Tinashe Farawo) සඳහන් කළේ මෙම සංචාරකයා සෙවීමට අංගසම්පූර්ණ කණ්ඩායමක් තමන් සතුව පවතින බවයි.

ලොව විශාලතම දිය ඇලිවලින් එකක් වන වික්ටෝරියා දිය ඇල්ල ද පිහිටා ඇත්තේ සැම්බියාව සහ සිම්බාබ්වේ අතර මායිමේ පිහිටා ඇති මෙම වනෝද්‍යානයේයි.

දහස් ගණනක් සංචාරකයින් ආකර්ෂණය කර ගන්නා වික්ටෝරියා දිය ඇල්ල ආසන්නයේ මෙවැනි සංචාරකයන් අතුරුදන් වීමේ සිදුවීම් ඉතා දුර්ලභ බව සඳහන්.

එහෙත් එරට වෙනත් වනෝද්‍යානවලදී මෙලෙස සංචාරකයන් අතුරුදන් වීමේ සිදුවීම් වාර්තා වී තිබෙනවා.

පසුගිය 2023 වසරේ ඔක්තෝම්බර් මාසයේදී වන සතුන්ගෙන් පිරී ඉතිරී යන සිම්බාබ්වේ මැටුසඩෝනා (Matusadona) ජාතික වනෝද්‍යානයේ දී අතුරුදන් වූ ජර්මානු සංචාරකයෙකු දින තුනකට පසු යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටියදී සොයා ගැනුණා.

ඔස්ට්‍රේලියානුවන්ට පීඩා ගෙන දුන් රෝගයක් කලින්ම හඳූනා ගන්න පර්යේෂණයක් සාර්ථකයි

සාමාන්‍ය රුධිර පරීක්‍ෂණයක් මගින් පාකින්සන් රෝගය වසර හතකට පෙර හඳුනා ගත හැකි බවට නව පරීක්ෂණයක් මගින් තහවුරු කරගෙන තිබෙනවා.

Read More »

සැක කටයුතු මෝටර් රථයක් සහ ගිනි අවියක් නිසා මෙල්බන් CBD අවට ආරක්ෂාව තර කෙරේ

මෙල්බර්න් හි CBD හි Collins St හි නතර කර තිබූ මෝටර් රථයකින් ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධියක් හමුවේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබෙනවා.

Read More »

Second Hand භාණ්ඩ නිසා NSW ප්‍රාන්තයේ වෙනසක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පදිංචිකරුවන් පාවිච්චි කරන ලද භාණ්ඩ වැඩි වශයෙන් මිලදී ගැනීම හේතුවෙන් සැලකිය යුතු අපද්‍රව්‍ය සහ හරිතාගාර වායු ප්‍රමාණයක් අඩු කිරීමට උපකාරී වී ඇතැයි නව සමීක්ෂණ මගින් හෙළිවී තිබෙනවා.

Read More »