Search

වික්ටෝරියා ප්‍රාන්තයේ ලැව්ගිනි තවත් දරුණු අතට හැරෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ පැතිර යන ලැව්ගිනි හමුවේ නිවාස 6ක් මේ වන විට විනාශ වී ඇතැයි තොරතුරු අනාවරණ වී තිබෙනවා.

හදිසි සේවා ඇමති ජැක්ලින් සයිම්ස් සඳහන් කළේ අද දිනයේදී ගිනි නිවන භටයින් 550ක් පමණ ගින්න මැඩපැවැත්වීමේ උත්සාහයන්වල නිරතව සිටින බවයි.

මේ දක්වා ගින්නෙන් සිදු වූ බලපෑම් තක්සේරු කිරීම් 228ක් සිදු කර ඇති අතර නේවාසික නිවාස හයක් විනාශ වී ඇති බවයි සයිම්ස් පැවසුවේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ බටහිර ප්‍රදේශයේ පාලනයෙන් තොරව පැතිර යන ලැව්ගින්න හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාවට තවමත් නිවෙස් බලා යාම අනාරක්ෂිත බව සඳහන්.

උණුසුම් කාලගුණික තත්ත්වයන් ඉදිරියටත් පැවතිය හැකි බවට කාලගුණ අංශ පුරෝකථනය කර ඇති බැවින් ඉදිරි සතිය තුළ ද ලැව් ගිනි හටගනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

බයින්දීන් (Bayindeen) ප්‍රදේශයේ ලැව්ගින්න හේතුවෙන් බැරලට් (Ballarat) ආසන්නයේ හෙක්ටයාර 16,000කට ආසන්න ප්‍රදේශයක් විනාශ වී තිබෙනවා.

2020 වසරෙන් පසු වික්ටෝරියා ප්‍රාන්තයේ ඇති වූ දරුණුතම ලැව්ගිනි තත්වය මෙය විය හැකි බවටයි අනතුරු අඟවා ඇත්තේ.

මේ හේතුවෙන් ආරක්‍ෂිත පියවර අනුගමනය කර අවධානයෙන් පසුවන ලෙසට අගමැතිනි ජසින්ටා ඇලන් නිවැසියන්ගෙන් ඉල්ලා තිබෙනවා.

ඔස්ට්‍රේලියාව තුළ න්‍යෂ්ඨික බලශක්ති භාවිතයේ දැවැන්ත පාඩුවක් ගැන පළමු වරට අනාවරණයක්

ඔස්ට්‍රේලියාව තුළ න්‍යෂ්ඨික බලශක්ති භාවිතය පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතා කිරීමට සාපේක්ෂව දෙගුණයකින් පමණ මිලෙන් අධික වන බව නවතම වාර්තාවකින් හෙළිදරව් වී තිබෙනවා.

Read More »

වසර 30 කට පසු Emirates මෙල්බන් ගුවන් සේවා අඩු කරන්න යයි

Emirates ගුවන් සමාගම විසින් වසර 30 කට පසු ඔස්ට්‍රේලියා මහද්වීපය සහ ආසියා මහද්වීපය අතර දිවෙන ප්‍රසිද්ධ ගුවන් ගමන් මාර්ගයක සිය සේවාවන් අත්හිටුවා තිබෙනවා.

Read More »

සතිය ආරම්භයේ ඔස්ට්‍රේලියානු $ අගය තවත් පහතට

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 09) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 191 කට ආසන්න වී තිබෙනවා.

Read More »

Geelong හි මෝටර් රථ සොරකමක් මැඩලීමට ගිය පොලීසියට අනතුරක්

වික්ටෝරියා ප්‍රාන්තයේ Geelong හීදි සිදුවූ මෝටර් රථ සොරකමක් වැළැක්වීමට යාමේදී එක් නිළධාරියෙකු මෝටර් රථයක ගැටී තවත් නිලධාරීන් දෙදෙනෙකුට පහර දීමක් සිදුවී තිබෙනවා.

Read More »