Rottnest Channel Swim වසර 34ක ඉතිහාසයේ පළමු වතාවට අත්හැර දැමේ

වසර 34ක ඉතිහාසයේ පළමු වතාවට රොට්නෙස්ට් චැනල් පිහිනුම් තරඟාවලිය (Rottnest Channel Swim) අයහපත් කාලගුණය හේතුවෙන් අතහැර දැමීමට සංවිධායකයන් තීරණය කර තිබෙනවා.

සෙනසුරාදා පැවති තරඟය අතර අයහපත් කාලගුණය හේතුවෙන් පිහිනුම්කරුවන්ට අවසානයට ආසන්නව තිබියදී ඉවත්ව යාමට සිදුවූ බවයි වාර්තා වන්නේ.

උදෑසන සිට යහපත් කාලගුණයක් පැවතිය ද පසුව සිදු වූ හදිසි වෙනස් වීම් හේතුවෙන් 2000 කට අධික තරගකරුවන්ට ඉවත්ව යාමට සිදු වී තිබෙනවා.

හදිසි සේවා කණ්ඩායම් විසින් පිහිනුම්කරුවන් කිහිප දෙනෙකු බෝට්ටු මගින් බේරා ගත් බව ද සඳහන්.

එක් කාන්තාවක් රෝයල් පර්ත් රෝහලට ගුවනින් රැගෙන ගිය අතර තවත් පිරිමි තරගකරුවෙක් ප්‍රතිකාර සඳහා ෆ්‍රීමන්ටල් වෙත ගෙන ගොස් තිබෙනවා.

තරගකරුවන් පස් දෙනෙකු අවසන් සීමාව පසු කිරීමට සමත් වූ නමුත් ඔවුන්ගේ ජය සම්බන්ධයෙන් මෙතෙක් නිල වශයෙන් වාර්තා කර නැහැ.

ඔස්ට්‍රේලියාවේ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් ඉල්ලීමක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් ඇතුලු ළමා රක්ෂණ සේවා නොමිලේ ලබා දෙන්නැයි ඵලදායිතා කොමිෂන් සභාව ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

ජීවිත 6ක් බිලිගත් සිඩ්නි ප්‍රහාරය ගැන තවත් තොරතුරු හෙළිවෙයි

සිඩ්නි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩායි ජන්ෂන් හි සාප්පු මධ්‍යස්ථානයකදී පුද්ගලයන් කිහිප දෙනෙකුට පිහියෙන් ඇනීමෙන් පසු පොලිස් වෙඩි පහරින් මිය ගිය 40 හැවිරිදි වියේ පසුවන පුද්ගලයා හඳුනා ගැනීමට පොලිසිය තවදුරටත් විමර්ශන සිදු කරමින් පවතිනවා.

Read More »

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 7ක් ජීවිතක්ෂයට

සිඩ්නි හි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩි හන්දියේ සාප්පු මධ්‍යස්ථානයේදී සිදු වූ පිහි ඇනුමෙන් සහ වෙඩි තැබීමෙන් ප්‍රහාරකයා ඇතුලු පුද්ගලයන් 7දෙනෙකු මියගොස් තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 4ක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි තොරතුරු

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් හි සාප්පු සංකීර්ණයක සිදු වූ පිහි ඇනුම් සහ වෙඩි තැබීමේ සිදුවීම හේතුවෙන් පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »