රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නිගේ දේහය ඔහුගේ මව වෙත භාර දී තිබෙනවා.
ඔහුගේ ප්‍රකාශිකාව වන කිරා යාර්මිෂ් ට්විටර් සටහනක් තබමින් සඳහන් කළේ විපක්ෂ නායකවරයාගේ දේහය භාර දෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටි සැමට ස්තූතිවන්ත වන බවයි.
නවාල්නිගේ මව ලියුඩ්මිලාට රහසිගත භූමදානයකට එකඟ වන ලෙස රුසියානු බලධාරීන් දන්වා ඇති අතර ඇය එය ප්‍රතික්ෂේප කළහොත් ඔහු මියගිය බන්ධනාගාර ජනපදයේ ම මිහිදන් කරන බවටයි රුසියානු බලධාරීන් පවසා ඇත්තේ.
ඇලෙක්සි නවාල්නි ස්වභාවික හේතූන් මත මිය ගිය බවට මරණ සහතිකයේ අත්සන් කිරීමෙන් පසුව දේහය ලබාදී ඇතැයි සඳහන්.
අවමංගල්‍ය සිදු කරන ආකාරය මෙතෙක් සැලසුම් කර නොමැති අතර ප්‍රකාශිකාව සඳහන් කළේ එය පවුලේ අයට අවශ්‍ය ආකාරයට සහ ඇලෙක්සිට ලැබිය යුතු ආකාරයට සිදු කිරීමට හැකියාවක් ලැබේද යන්න නොදන්නා බවයි.
නවාල්නි පසුගිය 16 වනදා ආක්ටික් කවය තුළ රුසියානු බන්ධනාගාරයක දී මිය ගිය අතර ඔහුට සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳ නිශ්චිතව තොරතුරු ලැබී නැහැ.