Search

ඔස්ට්‍රේලියානුවන් වැඩි දෙනෙකු පරිභෝජනය නොකරන මස් වර්ගයක් ප්‍රවර්ධනයට නව වැඩපිළිවෙලක්

අවන්හල්වල එළු මස් පරිභෝජනය ප්‍රවර්ධනයට ඔස්ට්‍රේලියාවේ මස් සහ පශු සම්පත් කර්මාන්ත බලධාරීන් සැලසුම් කර තිබෙනවා.

දැනට රට තුල නිෂ්පාදනය කෙරෙන මස්වලින් දේශීය පරිභෝජනය සඳහා යොදා ගැනෙන්නේ සියයට 10ක පමණ ප්‍රමාණයක්.

එළු මස් අඩංගු ආහාර නිෂ්පාදන වැඩි වශයෙන් අත්හදා බැලීමට නව වැඩසටහන මගින් සූපවේදීන් සහ ආපනශාලා හිමියන් දිරිමත් කිරීමට නියමිතයි.

ඔස්ට්‍රේලියාව ලොව විශාලතම එළුවන් අපනයනය කරන්නා වන අතර මස් සහ පශු සම්පත් කර්මාන්තයට අවශ්‍ය වී ඇත්තේ දේශීය අවන්හල්වල ඒවා ප්‍රවර්ධනයටයි.

ඔස්ට්‍රේලියාවේ එළු මස් ජාත්‍යන්තර රටවල් රැසක අවන්හල්වල ජනප්‍රිය මස් වර්ගයක් වනවා.

එහෙත් ඔස්ට්‍රේලියානුවන් එය ඔවුන්ගේ ආහාර වේලට එකතු කර ගැනීමේ අඩුවක් දක්නට ලැබෙන බවයි වාර්තා වන්නේ.

මස් නිෂ්පාදනයෙන් සියයට 90ක් පමණ අපනයනය කෙරෙන අතර, ගෘහස්ත පරිභෝජනය සඳහා ඉතිරි වන්නේ සුළු ප්‍රමාණයක් පමණයි.

ඔස්ට්‍රේලියාවේ මස් සහ පශු සම්පත් වෙළඳපල කළමනාකරු ග්‍රේම් යාර්ඩි පැවසුවේ නව වැඩසටහන පාරිභෝගිකයින් වෙත ළඟා වීමට තරමක් අපහසු නමුත් කර්මාන්තයේ වර්ධනය සඳහා විශාල ප්‍රයෝජනයක් වනු ඇති බවයි.

ඔස්ට්‍රේලියානු පාරිභෝගිකයින් අතර ජනප්‍රිය “Trusted Brands” ප්‍රකාශයට පත් කෙරේ

2024 වසර සඳහා ඔස්ට්‍රේලියාවේ වඩාත්ම විශ්වාසදායක වෙළඳ නාම 20 පිළිබඳ නවතම වාර්තාවක් අද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

ලබන සඳුදා සිට ලංකාවේ Passport ගන්න පහසු වෙයි

ලබන සඳුදා සිට ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු සාමාන්‍ය පරිදි යළි ආරම්භ කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසනවා.

Read More »

අයහපත් කාලගුණය පිළිබඳ මෙල්බන් වැසියන්ට දැනුම් දීමක්

ඉදිරි දින කිහිපය තුළ මෙල්බන්, ඇඩිලේඩ්ල පර්ත් සහ බ්‍රිස්බේන් යන නගර වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා කාර්යංශය නිවේදනය කර තිබෙනවා.

Read More »

අවම කාලයකින් වැඩි සේවාවක් ලබාගත හැකි නගර අතර මෙල්බන් පෙරමුණට

විනාඩි 15ක් වැනි කෙටි කාලයක් තුළ පුද්ගලයින්ට අවශ්‍ය පොදු සේවා කඩිනමින් ලබා ගත හැකි නගර පිළිබඳ නවතම අධ්‍යනයක් සිදු කර තිබෙනවා.

Read More »