වනිඳු හසරංගට දඬුවමක්

ශ්‍රී ලංකා 20යි 20 කණ්ඩායමේ නායක වනිඳු හසරංග ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් තරග තහනමක් පනවා තිබෙනවා.

ICC නීති සංග්‍රහය කඩකිරීම හේතුවෙනුයි ඔහු සම්බන්ධයෙන් මෙම තීරණය ගෙන ඇත්තේ.

ඒ අනුව වනිඳු හසරංගට ජාත්‍යන්තර තරග දෙකක තහනමක් පනවා ඇති අතර ඇෆ්ගනිස්ථානය සමග පැවති අවසන් තරගයේ ගාස්තුවෙන් සියයට 50ක දඩයක් ද පනවා ඇති බව සඳහන්.

පසුගියදා පැවති ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන තුන්වැනි 20යි 20 තරගයෙන් අනතුරුව විනිසුරු ලින්ඩන් හැනිබල් ගේ තීරණයක් විවේචනය කිරීම හේතුවෙන් ඔහුට එරෙහිව දඬුවම් ලකුණු ද ලබාදී තිබුණා.

ඒ සමගම මාස 24ක කාලයක් තුළ ඔහුගේ දඬුවම් ලකුණු 5ක් වීම හේතුවෙන් එම තරග තහනම පැනවෙන බව සඳහන්.

මෙම තත්ත්වය යටතේ වනිඳු හසරංගට එක් ටෙස්ට් තරගයක්, එක්දින තරග දෙකක් හෝ, 20යි 20 තරග දෙකක් තහනම් වනු ඇති.

ඒ අනුව, බංග්ලාදේශයට එරෙහි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරග දෙක ඔහුට අහිමි වන බව සඳහන්.

මේ අතර ඇෆ්ගනිස්තාන ක්‍රීඩක රහ්මානුල්ලා ගුර්බාස්ට ද දඬුවම් නියම වී ඇති අතර එම තරඟයේදීම ICC චර්යාධර්ම සංග්‍රහයේ විනිසුරුවරයෙකුගේ උපදෙස්වලට අවනත නොවීම යන පළමු වගන්තිය කඩ කිරීම ඊට හේතුවයි. ඒ අනුව ඔහුට තරඟ ගාස්තුවෙන් සියයට 15ක දඩයක් නියම කර තිබෙනවා.

ක්වීන්ස්ලන්ඩ්හි ශත 50 පොදු ප්‍රවාහන ගාස්තුවට බාධකයක්

අමතර රාජ්‍ය අරමුදල් යෙදවීමක් නොමැති වීම හේතුවෙන් පොදු ප්‍රවාහනයට නියම කළ ශත 50 ගාස්තුව ගැටළුවක් වනු ඇති බව බ්‍රිස්බේන් නගර සභාව අනතුරු අඟවනවා.

Read More »

ඇඩිලේඩ්හි සාප්පු සංකීර්ණයක් වැසූ පොලිස් මෙහෙයුම ගැන සියල්ල හෙළිවෙයි

දකුණු ඇඩිලේඩ් හි වෙස්ට්ෆීල්ඩ් මේරියන් සාප්පු මධ්‍යස්ථානයේ (Marion Shopping Centre) සිදු වූ හදිසි පොලිස් මෙහෙයුම තරුණයන් පිරිසක් අතර ඇතිවූ ගැටුමක් බව පොලිසිය පවසනවා.

Read More »

ජනප්‍රිය සංචාරක ගමනාන්තයකට මෙල්බන් සිට නව ගුවන් සේවාවක්

Jetstar සමාගම විසින් ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන ක්වීන්ස්ලන්ඩ්හි හර්වි බේ (Hervey Bay) දක්වා මෙල්බර්න් සිට නව ගුවන් සේවාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවාව ගැන තීරණයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවාව වෙනුවෙන් ලැබෙන අරමුදල් කප්පාදුවකට ප්‍රාන්ත රජය සූදානම් වන බවට තොරතුරු ලැබී ඇතැයි විපක්ෂ නායක ජෝන් පෙසුටෝ (John Pesutto) පවසනවා.

Read More »

ඇඩිලේඩ්හි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයක හදිසි පොලිස් මෙහෙයුමක්

ඇඩිලේඩ්හි Marion ප්‍රදේශයේ වෙස්ට්ෆීල්ඩ් සාප්පු මධ්‍යස්ථානයකට පැමිණි සන්නද්ධ පුද්ගලයෙක් හේතුවෙන් එහි ජනතාව ඉවත් කර විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

Read More »