තිලකරත්න ඩිල්ෂාන්ට ඔස්ට්‍රේලියාවේ පුරවැසි භාවය

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු විශිෂ්ටයෙකු මෙන්ම කණ්ඩායම් නායකයෙකු ද වූ තිලකරත්න ඩිල්ෂාන් ඔස්ට්‍රේලියාවේ පුරවැසි භාවය ලබාගෙන තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජේසන් වුඩ් සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමිනුයි මේබව ප්‍රකාශ කර ඇත්තේ.

ඔහු සඳහන් කළේ ඊයේ පැවති පුරවැසිභාවය ප්‍රදානය කිරීමේ උත්සවය වඩාත් සුවිශේෂී වූයේ හිටපු තිලකරත්න ඩිල්ෂාන්ගේ පැමිණීමත් සමඟ බවයි.

ඔස්ට්‍රේලියානු පුරවැසියෙකු ලෙස, ඔහු ප්‍රාදේශීය ක්‍රිකට් කණ්ඩායමකට බැඳීමට සහ ඔහුගේ දක්ෂතා තම ප්‍රජාව සමඟ බෙදා ගැනීමට තීරණය කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ද ජේසන් වුඩ් ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම ඩිල්ෂාන්ගේ දියණිය රෙසන්දි ද තම පියාගේ අඩිපාරේ යන බව අසන්නට ලැබීම සතුටක් බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබා ගැනීම සඳහා පොදු සුදුසුකම් සහ නිර්ණායක රැසක් පවතිනවා.

සාමාන්‍යයෙන්, ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා ඉල්ලුම් කරන වයස අවුරුදු 18 ට වැඩි පුද්ගලයින් පුරවැසි පරීක්ෂණයකින් සමත් වී තිබිය යුතු වනවා.

එමෙන්ම අයදුම් කරන අවස්ථාවේ ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිකරුවෙකු ද විය යුතුයි.

ඔස්ට්‍රේලියාවේ පුරවැසි භාවය ලබා ගත් තිලකරත්න ඩිල්ෂාන් එක්දින ක්‍රිකට් තරග ඉතිහාසයේ ලකුණු හඹා යාමේ වඩාත් දක්ෂතම ශ්‍රී ලංකා ක්‍රීඩකයා ලෙස සැලකෙනවා.

2011 වසරේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ලකුණු 500ක් ලබාගෙන අවසන් පූර්ව තරගයේදී එංගලන්තයට එරෙහිව ශතකයක් ද රැස්කරමින් වැඩිම ලකුණු ලාභියා වීමේ වාර්තාවට ඔහු හිමිකම් කියනවා.

මීට අමතරව, ඔහු 2014 වසරේ T20 තරගාවලිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ද සාමාජිකයෙක්.

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »