Search

වසර මිලියන 240ක් පැරණි මකරෙකුගේ ෆොසිලයක් මතුවෙයි

වසර මිලියන 240ක් පමණ පැරණි මකරෙකු වැනි සත්ත්වයකුගේ සම්පූර්ණ ෆොසිලයක් සොයාගෙන අවසන් කිරීමට විද්‍යාඥයන් සමත්ව තිබෙනවා.

2003 වසරේ දී පළමුවෙන්ම මෙම ෆොසිලයේ කොටස් හමු වී ඇත්තේ, දකුණු චීනයේ පැරණි හුණු ගල් නිධියකින්.

පසුව විද්‍යාඥයන් විසින් සිදු කළ පර්යේෂණ අනුව මේ වන විට සම්පූර්ණ ෆොසිලය මතුකර ගැනීමට සමත්වී තිබෙනවා.

විද්‍යාඥයන් ප්‍රකාශ කර ඇත්තේ දිගින් මීටර් 05ක් පමණ වන මෙම සත්ත්ව ෆොසිලය වසර මිලියන 201 සිට 252කට පමණ පෙර ට්‍රයැසික් යුගයේ නොගැඹුරු ජලයේ සිටි බවට විශ්වාස කෙරෙන ජලජ උරගයකුගේ විය හැකි බවටයි.

ඉතා දිගු ගෙළ හේතුවෙන් මෙම සත්ත්වයා මකරෙකු විය හැකි බවට අනුමාන කෙරෙනවා.

මෙම ෆොසිලය අධ්‍යයනය කළ ජාත්‍යන්තර කණ්ඩායමේ සාමාජිකයකු වූ ස්කොට්ලන්තයේ ආචාර්ය නික් ෆ්‍රේසර් පවසා ඇත්තේ, මෙම සත්ත්වයාගේ ගෙළෙහි දිග සිරුර සහ වලිගය යන දෙකෙහිම එකතුවට වඩා දිගින් යුක්ත වන බවයි.

ඔස්ට්‍රේයාවේ සරසවි වලට මින් ඉදිරියට සල්ලි දෙන්නේ නෑ – ට්‍රම්ප් කියයි

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය විසින් ප්‍රතිපාදන කප්පාදු කිරීම හමුවේ ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන විශ්ව විද්‍යාල 07 ක පර්යේෂණ (Research) වැඩසටහන් සඳහා බාධා එල්ල වී තිබෙනවා.

Read More »