ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට අදත් ධාරානිපාත වැසි

අද දිනයේදීත් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට ධාරානිපාත වර්ෂාව ඇති විය හැකි බවට කාලගුණ අංශ අනතුරු අඟවනවා.

ඊයේ පැවති වර්ෂාව හමුවේ උතුරු ක්වීන්ස්ලන්ඩ් ප්‍රදේශයේ මාර්ග රැසක් අවහිර වී ඇති බවයි වාර්තා වන්නේ.

මිලිමීටර් 300ක පමණ වර්ෂාපතනයක් හේතුවෙන් උතුරු ක්වීන්ස්ලන්ඩ් ප්‍රදේශවල හදිසි ගංවතුරක් හටගෙන ඇති අතර, බොහෝ මාර්ග අවහිර වීම හේතුවෙන් පදිංචිකරුවන් අතරමං වී තිබෙනවා.

බෲස් අධිවේගී මාර්ගය විවෘත කර තිබුණ ද ගංවතුර හේතුවෙන් රියදුරන්ට අවදානමක් පවතින අතර ප්‍රදේශය පුරා ගංවතුර අනතුරු ඇඟවීම් ද ක්‍රියාත්මකයි.

කාලගුණ කාර්යාංශය අනතුරු අඟවන්නේ වැසි තත්වයන් අඛණ්ඩව පවතිනු ඇති අතර, මැකේ සහ බුන්ඩබර්ග් අතර ප්‍රදේශවල අද උදෑසන දක්වා අධික වර්ෂාව පවතින බවයි.

කේර්න්ස් සහ ටවුන්ස්විල් අතර ප්‍රදේශවලට පසුගිය දින දෙක තුළ ද මිලිමීටර් 400ක පමණ අධික වර්ෂාපතනයක් ලැබී තිබෙනවා.

දැඩි ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවල කාලගුණ කාර්යාංශය නිර්දේශ කර ඇත්තේ ඉතා ප්‍රවේශම් විය යුතු අතර අත්‍යවශ්‍ය නම් මිස නිවසින් බැහැරව නොයන ලෙසටයි.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »