
මෙල්බර්න්හි බටහිර ප්‍රදේශයේ වෙළඳ සංකීර්ණයක ඇති වූ ගින්නකින් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.
ගින්න මාෂල් සෙන්ට් හි සාප්පුව පිටුපස ගොඩනැගිල්ලකට ද පැතිරී ඇති අතර එහි නිදා සිටි පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
මියගිය දෙදෙනා අදාළ වෙළඳසැලට සම්බන්ධ නොවන අතර ඔවුන් දෙදෙනාගේ අනන්‍යතාව ද මෙතෙක් නිල වශයෙන් තහවුරු වී නොමැති බව වික්ටෝරියා පොලිසිය ප්‍රකාශ කළා.

කිසියම් කණ්ඩායමක් මෙම වෙළඳසැලට ගිනි තබන්නට ඇති බවට මූලික පරීක්ෂණවලින් හෙළිවි තිබෙනවා.
ගිනි තැබීම් සහ පුපුරණ ද්‍රව්‍ය අංශයේ පරීක්ෂකයින් සිද්ධිය පිළිබඳව විමර්ශනය කරමින් සිටින අතර, ඔවුන් සැක කරන්නේ මෙය අදාළ ව්‍යාපාරය ඉලක්ක කරගත් ප්‍රහාරයක් බවයි.

පොලිස් පරීක්ෂක ක්‍රිස් මරේ පැවසුවේ ගින්න පිළිබඳව හදිසි සේවාවලට දැනුම් දීමට විනාඩි 10 කට පෙර සුදු පැහැති ෆෝඩ් රේන්ජර් රථයක් එම ස්ථානයේ දක්නට ලැබුණු බවයි.
මියගිය පුද්ගලයන් දෙදෙනා සාප්පුව පිටුපස ඇති ගොඩනැගිල්ලේ නිදා සිටියේ මන්දැයි නොදන්නා අතර සැකකරුවන් ගිනි තැබීමට මෙම වෙළඳසල ඉලක්ක කර ගැනීමට හේතුවක් ද මෙතෙක් පැහැදිලි වී නැහැ.
වෙළඳ සැල අසල නතර කර තිබූ මෝටර් රථයේ සිටි පුද්ගලයන් මෙම මරණයට වගකිව යුතු බවට පොලිසිය විශ්වාස කරන අතර ගින්න පිළිබඳ ඇසින් දුටු හෝ යම් තොරතුරක් දන්නා ඕනෑම අයෙකුට අපරාධ මර්දන අංශය අමතන ලෙස දැනුම්දී තිබෙනවා.