Search

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ Black Milk Clothing නිර්මාතෘ හදිසි අනතුරකින් ජිවිතක්ෂයට

ජනප්‍රිය ඇඳුම් සන්නාමයක් වන Black Milk Clothing හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී ජේම්ස් ලිලිස් (James Lillis) නිවාඩුවක් ගත කරමින් සිටියදී හදිසි අනතුරකින් මිය ගොස් ඇතැයි එම සමාගම පවසනවා.

JL නමින් හැඳින්වෙන ජේම්ස් ලිලිස් පසුගියදා හදිසි අනතුරකදී තුවාල ලබා ඇති අතර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි එම සමාගම සඳහන් කර ඇත්තේ.

ලිලීස් 2009 වසරේ දී ඇඳුම් නිර්මාණ කටයුතු ආරම්භ කළ අතර අන්තර්ජාලය හරහා ඒවා අලෙවි කිරීමෙන් ජනප්‍රියත්වයට පත්වීමත් සමග Black Milk ඇඳුම් සමාගම ආරම්භ කරනු ලැබුවා.

අනතුරුව ගතවූ දශකය තුළ සමාගම ක්‍රමානුකූලව ගනුදෙනුකරුවන්ගේ පදනමක් ගොඩනඟා ගත් අතර මේ වන විට දහස් ගණනක් වූ ගනුදෙනුකරුවන් මෙන්ම අන්තර්ජාලය හරහා මිලියනයකට අධික රසිකයන් පිරිසක් ද රැස් කරගෙන සිටිනවා.

ලිලීස්ට ගෞරව කිරීම සඳහා Black Milk ඇඳුමින් සැරසී සිටින ඡායාරූප පළ කරන ලෙසටයි සමාගම සිය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා ඇත්තේ.

Black Milk යනු ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය පදනම් කරගත් ඔන්ලයින් ඇඳුම් සන්නාමයක් වන අතර එය විකල්ප විලාසිතාවල ඇඳුම් අලෙවි කරනු ලබනවා.

ටැටූ ගහල නම් රැකියා නැහැ – ශ්‍රී ලංකා පොලීසියෙන් අවවාදයක්

ශරීරයේ කිසියම් හෝ ස්ථානයක ටැටූ ගසා ඇත්නම් පොලිස් දෙපාර්තමේන්තුවේ රැකියා සඳහා අවස්ථාව හිමි නොවන බව ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝජ් සමරසේකර පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියා නිපුණතා හිඟයට University වලින් විසඳුම්

ඔස්ට්‍රේලියා විශ්ව විද්‍යාල පුහුණු ශ්‍රමිකයින්ගේ අවශ්‍යතා වෙනුවෙන් විශේෂිත වැඩසටහන් දියත්කරමින් සිටින බව මෙල්බන් විශ්ව විද්‍යාලය පවසනවා.

Read More »