සේවා අත්හිටුවීම නිවේදනය කිරීමෙන් දින කිහිපයකට පසු එමිරේට්ස් නැවත මෙල්බර්න්, සිඩ්නි සහ​ බ්‍රිස්බේන් වෙත සිය ගුවන් ගමන් ආරම්භ කිරීමට තීරණය කරයි.

සේවා අත්හිටුවීම නිවේදනය කිරීමෙන් දින කිහිපයකට පසු එමිරේට්ස් නැවත මෙල්බර්න්, සිඩ්නි සහ​ බ්‍රිස්බේන් වෙත සිය ගුවන් ගමන් ආරම්භ කිරීමට තීරණය කරයි.

එමිරේට්ස් ගුවන් සමාගම ඕස්ට්‍රේලියාව තුළ සහ ඉන් පිටත ගුවන් ගමන් ගණනාවක් නැවත ආරම්භ කරන බව නිවේදනය කර ඇත.

මීට​ සතියකට පෙර මෙම ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඔවුන් ඕස්ට්‍රේලියාව වෙත සමහරක් ගුවන් ගමන් නතර කරන බවයි. ඩුබායි පදනම් කරගත් ගුවන් සේවය බ්‍රිස්බේන්, සිඩ්නි සහ මෙල්බර්න් වෙත “තවදුරටත් දැනුම් දෙන තුරු” සේවා අත්හිටුවන බවට පසුගිය සෙනසුරාදා එමිරේට්ස් විසින් නිවේදනයක් නිකුත් කලේය​.

නමුත් ඊයේ රාත්‍රියේ එමිරේට්ස් කියා සිටියේ සිඩ්නි නුවර මගී ගුවන් ගමන් ජනවාරි 25 සිට නැවත ආරම්භ කරන බවත් මෙල්බර්න් ගුවන් ගමන් ජනවාරි 26 සිට සහ බ්‍රිස්බේන් ගුවන් ගමන් ජනවාරි 28 සිට ආරම්භ කරන බවත්ය. කෙසේ වෙතත්, පර්ත් ගුවන් ගමන් වල කිසිඳු වෙනසක් සිදු වී නොමැත​. සතියකට දෙවරක් ගුවන් සමාගමේ පර්ත් ගුවන් ගමන් ක්‍රියාත්මකව පැවතුනි.

කොරෝනා වසංගතය හමුවේ ඕස්ට්‍රේලියාවේ විවිධ ප්‍රාන්තයන් හි විවිධ නීති රීති වලට අනුකූල වීම සඳහා තම ගුවන් සේවා මෙහෙයුම් සංකීර්ණ වූ බවත් ඒවා සේවකයින්ට අනවශ්‍ය බරක් වූ නිසා මෙලෙස තම ගුවන් සේවා තාවකාලිකව අත් හිටුවීමට පෙර​ ගත් තීරණයට​ ප්‍රධාන හේතුව බවට ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ඕස්ට්‍රේලියානු රජය විසින් පනවා ඇති ගුවන් සේවා නීති අතරේ  ගෘහස්ථ ගුවන් ගමන් සහ ගුවන්තොටුපලවල සිටින සංචාරකයින්ට සෑම විටම මුව ආවරණ​ පැළඳිය යුතු අතර සංචාරකයින්ට ගුවන් ගත වීමට පෙර පැය 72 කට නොඅඩු කාල සීමාවක් තුල​ COVID-19 පරීක්ෂණයක් සිදු කර ප්‍රතිඵල පෙන්විය යුතු වේ.

අන්තර්ජාතික ගුවන් කාර්ය මණ්ඩලය සෑම දින හතකට වරක් ඕස්ට්‍රේලියාවේ COVID-19 පරීක්ෂණයකට භාජනය විය යුතුය. තවද​, ඔවුනට වෙන් කරවා ඇති නිරෝධායන මධ්‍යස්ථානය තුල ඒ කාලය පුරාවටම රැඳී සිටිය යුතුවේ.

එමිරේට්ස් පවසන්නේ මෙම පරීක්‍ෂණ කිරීම් සහ නිරෝධායන රෙගුලාසි ඔවුන් ගේ කාර්ය මණ්ඩලයට අමතර බරක් වනු ඇති බවයි.

කෙසේවෙතත්, එමිරේට්ස් ගුවන් සමාගම පවසන්නේ ඔවුන් ගේ කාර්ය මණ්ඩල කණ්ඩායම් ඉතා අවබෝධයෙන් හා සහයෝගයෙන් කටයුතු කිරීම නිසා මෙලෙස ඉක්මණින් තම ගුවන් මගී සේවා නැවත ආරම්භ කිරීමට හැකි වූ බවයි.

 

රටවල් කිහිපයක සිටින ඔස්ට්‍රේලියා පුරවැසියන්ට විශේෂ දැනුම්දීමක්

ඉරානය, ඊශ්‍රායලය සහ පලස්තීනයේ ගැටුම් පවතින ප්‍රදේශවල සිටින ඔස්ට්‍රේලියානුවන්ට රජය විසින් ආරක්‍ෂිත උපදෙස් නිකුත් කර තිබෙනවා.

Read More »

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »