Search

ආසියානු රටක සිට ඔස්ට්‍රේලියාවට හෙරොයින් ගෙනා යුවළට ලැබෙන දඬුවම

ආසියානු රටක සිට සිරුරේ සඟවාගෙන හෙරොයින් ග්‍රෑම් 255ක් පමණ රැගෙන ඒමේ චෝදනා මත බටහිර ඔස්ට්‍රේලියාවේ දී යුවළක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔස්ට්‍රේලියානු දේශසීමා බලකායේ නිලධාරීන් විසින් ආසියාවේ රටක සිට ජාත්‍යන්තර ගුවන් යානයකින් පර්ත් ගුවන් තොටුපළට පැමිණි සැකකාර යුවළ පරීක්ෂා කිරීමේදී යි මෙම මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වී ඇත්තේ.

ඔවුන්ගේ ජංගම දුරකථන පරීක්ෂා කිරීමේදී නීතිවිරෝධී මත්ද්‍රව්‍ය යැයි සැකකෙරෙන ද්‍රව්‍යවල ඡායාරූප හමුවී ඇති අතර අනතුරුව ඔවුන් වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු කෙරුණා.

පසුව එම පුද්ගලයා සහ සැකකාර කාන්තාව ගිල දමා තිබූ හෙරොයින් අඩංගු බවට සැක කෙරෙන 13ක් බැහැර කර ඇති අතර එහි මුළු බර ග්‍රෑම් 255.1ක්.

ඒවායෙහි වටිනාකම ඩොලර් 127,500ක් බවට ගණන් බලා තිබෙනවා.

ඔස්ට්‍රේලියාවට පැමිණීමට පෙර මෙම යුවළ මත්ද්‍රව්‍ය සිය සිරුරු තුළට ඇතුල් කරගෙන ඇති බවටයි සැක කෙරෙන්නේ.

48 හැවිරිදි මෙම යුවළගේ අනන්‍යතාව හෙළි කර නොමැති අතර ඔවුන් පැමිණි ආසියානු රට සම්බන්ධයෙන් ද මෙතෙක් තොරතුරු ලබා දී නැහැ.

ඔස්ට්‍රේලියා ෆෙඩරල් පොලිසියේ වැඩබලන කමාන්ඩර් පීටර් හැච් පැවසුවේ මේ ආකාරයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් කරන ඕනෑම අයෙකු සිරගත කිරීමේ දඬුවම්වලට ලක්වන අතර ඔවුන්ගේ සෞඛ්‍යය සම්බන්ධයෙන් ද දැඩි අවදානමක් පවතින බවයි.

මෙලෙස මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ වරද සඳහා උපරිම දඬුවම වසර 25ක සිර දඬුවමක් වනවා.

වැඩිපුර පැය ගණනක් වැඩ කළ ශිෂ්‍යයා ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට සැරසෙයි

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබමින් සිටි ජාත්‍යන්තර සිසුවෙකුගේ ශිෂ්‍ය වීසා (Student Visa) බලපත්‍රය අහෝසි කිරීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබෙනවා.

Read More »

යෝෂිතට සහ ඩේසි ආච්චිට එරෙහිව නඩු පවරයි

2016 වසරේ සිට සිදුකළ විමර්ශන අනුව යෝෂිත රාජපක්ෂට මුදල් ලද ආකාරය සම්බන්ධව සාධාරණ පැහැදිලි කිරීමක් සිදුකිරීමට නොහැකි වීම හේතුවෙන් ඔහුට එරෙහිව මුදල් විශුද්ධීකරණ පනත යටතේ නඩු පැවරීමට පොලීසිය විසින් කටයුතු කර තිබෙනවා.

Read More »

තවත් ලාංකිකයන් ලක්ෂ 03 ක් රට හැර යන්න හදයි

මෙම වසරේදී ශ්‍රී ලාංකිකයින් 340,000 ක ප්‍රමාණයක් රැකියා සඳහා විදේශ ගත කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ප්‍රකාශ කරනවා.

Read More »