රූපවාහිනී නිවේදකයා සහ පෙම්වතාගේ අතුරුදන් විමට ඇල්ලූ පොලිස් නිලධාරියාට ඇප නැති වෙයි

අතුරුදන් වූ ඔස්ට්‍රේලියානු රූපවාහිනී නිවේදකයෙකු වන ජෙසී බෙයාර්ඩ් සහ ඔහුගේ පෙම්වතා වූ ලූක් ඩේවිස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් 28 හැවිරිදි පොලිස් නිලධාරියෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

සිඩ්නි නගරය ආසන්නයේ බඳුනක තිබී රුධිරය තැවරුණු මෙම දෙදෙනාගේ භාණ්ඩ සොයා ගැනීමෙන් පසුවයි රහස් පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කරනු ලැබුවේ.

බෙයාර්ඩ්ගේ හිටපු පෙම්වතා වූ සැකකාර පොලිස් නිලධාරියා ඊයේ ආරක්ෂක අංශ වෙත භාරවී තිබෙනවා. ඔහුට රාජකාරි කටයුතු සඳහා ලබා දී තිබූ ගිනි අවියෙන් වෙඩි තබා මෙම ඝාතනය සිදු කර ඇති බවටයි මූලික පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ.

රහස් පරීක්ෂකයින් පවසන්නේ මියගිය දෙදෙනාගේ සිරුරු තවමත් සොයා ගැනීමට හෝ ඔවුන්ගේ මරණයට නිශ්චිත හේතුව තහවුරු කර නොමැති බවයි.

සිඩ්නි නගරාසන්නයේ පැඩිංටන් හි පිහිටි ජෙසී බෙයාර්ඩ්ගේ නිවස තුළදී ඔවුන් ඝතයන කර සුදු වෑන් රථයකින් ගෙන ගොස් ඇති බවට CCTV දර්ශනවලට අනුව හෙළිවී ඇතැයි පොලිසිය පවසනවා.

සැකකාර පොලිස් නිලධාරියාගේ ගිනි අවියට ගැලපෙන උණ්ඩයක් ද පැඩිංටන් හි අපරාධ ස්ථානයෙන් සොයාගෙන ඇති අතර එම අවිය පොලිස් ස්ථානයේ සේප්පුවක සඟවා තිබියදී සොයා ගැනුණා.

මියගිය බෙයාර්ඩ් පසුගිය දෙසැම්බර් මාසය දක්වා නෙට්වර්ක් ටෙන් හි උදෑසන වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙස කටයුතු කර ඇති අතර පෙම්වතා වූ ඩේවිස් ක්වාන්ටාස් හි ගුවන් සේවකයෙක් ලෙස කටයුතු කර තිබෙනවා.

සැකකාර පොලිස් නිලධාරියා අධිකරණයට ඉදිරිපත් කිරීමන් පසු ඇප ලබා දීම ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා ධවතුන් නිවාස හදන ප්‍රදේශ බදු කාර්යාල වාර්තා හෙළි කරයි

ඔස්ට්‍රේලියාවේ ධනවතුන් වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශවලට අයත් postcodes සම්බන්ධයෙන් නව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

Read More »