
සේවක අර්බුධයට පිළියම් ලෙස කාන්තාවන් බඳවා ගැනීමට ඔස්ට්‍රේලියාවේ උතුරු දේශ සීමා ( NT) ගුවන් සේවා සමාගමක් තීරණය කර තිබෙනවා.
ප්‍රාන්තයේ කම්කරු හිඟයට මුහුණ දෙන කර්මාන්ත 20න් 8කම පිරිමි ශ්‍රම බලකාය සියයට 80ක් හෝ ඊට වැඩි වන අතර කර්මාන්ත 20න් තුනකම සියයට 80ක් හෝ ඊට වැඩි කාන්තා ශ්‍රම බලකායක් සිටින බව සඳහන්.
මෙම තත්වය මතයි මධ්‍යම ඕස්ට්‍රේලියාවේ ගුවන් සමාගමක් කාන්තා ආධුනිකයින් වැඩි වශයෙන් බඳවා ගැනීමට උත්සාහයක් ගෙන ඇත්තේ.

සමාගම එහි ආධුනික සේවකයන් සංඛ්‍යාව වැඩි කිරීමට ප්‍රමුඛතාවයක් ලබා දුන් අතර එම පිරිසෙන් අඩකට වැඩි ප්‍රමාණයක් කාන්තාවන් වීම විශේෂත්වයක්.
උතුරු ප්‍රදේශයේ දත්තවලට අනුව ආධුනිකත්ව පුහුණුව සඳහා අලුතින් බඳවාගෙන ඇති සංඛ්‍යාව 3,645ක්.

මධ්‍යම ඔස්ට්‍රේලියාවේ නිවාස ඉදිකිරීම් සමාගමක් ද ප්‍රකාශ කර ඇත්තේ ඉල්ලුම සපුරාලීමට ප්‍රමාණවත් කම්කරුවන් නොමැති බවයි.