
හදිසි මට්ටමක් බවට අනතුරු අඟවා ඇති ලැව්ගිනි හේතුවෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ නිවාස රැසක් තවමත් අවදානම් තත්වයේ පවතින බව වාර්තා වනවා.
ගින්න හෙක්ටයාර් දහස් ගණනක් පුරා ඇවිලෙමින් පවතින බැවින් වික්ටෝරියා හි බටහිර ප්‍රදේශයේ නිවාස තවමත් තර්ජනයට ලක්ව ඇති බවයි සහන සේවා කණ්ඩායම් ප්‍රකාශ කළේ.
මෙම තත්වය මත බයින්ඩින්, චුටේ, එල්ම්හර්ස්ට්, මවුන්ට් ලොනාර්ච් සහ බැලරට් ආසන්න ප්‍රදේශවල පදිංචිකරුවන්ට වහාම පිටව යන ලෙසට දැනුම් දී තිබෙනවා.

හෙක්ටයාර 15,000 කට අධික ප්‍රදේශයක් පුරා පැතිරී ඇති දැවැන්ත ලැව්ගින්න මැඩ පැවැත්වීම සඳහා 1000කට අධික ගිනි නිවන භටයින් සටනක නිරත බව සඳහන්.
අද උදෑසන ගින්න හේතුවෙන් නිවාස තුනක් අහිමි වූ බව තහවුරු වී ඇති අතර තවත් විශාල ප්‍රමාණයකට හානි සිදුවී ඇතැයි සඳහන්.

මේන් ලීඩ්, මිඩ්ල් ක්‍රීක්, රග්ලාන් සහ වෝටර්ලූ යන ප්‍රදේශවල ද ලැව්ගින්න පාලනයකින් තොරව ඇවිලෙන බැවින් නිවාස තර්ජනයට ලක්ව තිබෙනවා.
බලධාරීන් පැවසුවේ අධික උණුසුම ගිනි නිවන භටයින්ට ද ගැටළු ඇති කරන අතර ඊට පෙර ලැව්ගින්න පාලනය කිරීමට කටයුතු කරන බවයි.