Search

විශ්ව විද්‍යාල තුළ සිදුවන වැරදි දෙයක් නතර කරන්න අලුත් සැලැස්මක්

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ෆෙඩරල් රජය විශ්ව විද්‍යාල තුළ ලිංගික හිංසන මැඩලීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්මකට එකඟ වී තිබෙනවා.

මේ අනුව ලිංගික අතවර අවම කිරීමේ නව ප්‍රතිසංස්කරණ යටතේ ජාතික ආචාර ධර්ම පද්ධතියකට සියලු විශ්වවිද්‍යාල යටත් වීමට නියමිතයි.

අනිවාර්ය වාර්තා කිරීම, නව චර්යාධර්ම පද්ධතියක් සහ සරසවි තුළ ගන්නා ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමේ බලය ඇති ස්වාධීන ශිෂ්‍ය ඔම්බුඩ්ස්මන්වරයෙකු පත් කිරීම නව සැලැස්මට ඇතුළත්.

ලිංගික හිංසන සම්බන්ධයෙන් විරෝධය දක්වන කණ්ඩායම් පවසන්නේ මෙම ගැටලුව සම්බන්ධයෙන් තවත් බොහෝ පියවර ගත යුතු වුවත් මෙම සැලැස්ම මූලික පියවරක් ලෙසට පිළිගන්නා බවයි.

ස්වාධීන ශිෂ්‍ය ඔම්බුඩ්ස්මන්වරයෙකු ද සැලැස්මට ඇතුළත් කිරීම මගින් මෙම ගැටලුව සම්බන්ධයෙන් වඩාත් පුළුල් ලෙස සිසුන්ගේ පැමිණිලි ඉදිරිපත් කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂිතයි.

නවතම ජාතික ශිෂ්‍ය සුරක්ෂිතතා සමීක්ෂණයට අනුව 2020 වසරේ සිට සෑම වසරකම විශ්වවිද්‍යාල තුළ සිසුන් 14,300ක් ලිංගික හිංසනයට ලක්වන බව සොයාගෙන තිබෙනවා.

2017 වසරේ සිට ලිංගික ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල කටයුතු කර ඇති ආකාරය පිළිබඳව පැමිණිලි 39ක් ලැබී තිබුන තිබුණ ද ඒ කිසිවක් සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක් සිදුවී නොමැති බවටයි චෝදනා එල්ලවී ඇත්තේ.

ආබාධිත දරුවන් විශාල පිරිසකට උපකාර කළ අශ්වයාට වික්ටෝරියාවේදී සිදුවූ දේ

පසුගිය වසර දෙකක කාලසීමාව තුළ ආබාධිත දරුවන් රැසකට සහය වූ Therapy අශ්වයෙකු වික්ටෝරියා ප්‍රාන්තයේ බෙන්ඩිගෝ හීදී සොරාගෙන තිබෙනවා.

Read More »

ලාංකිකයන්ගේ ඔස්ට්‍රේලියා – නවසීලන්ත සිහින සැබෑ වෙන්න තව පැය 48 යි

ඔස්ට්‍රේලියා – නවසීලන්ත රැකියාවක් හෝ අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන සංක්‍රමණ වැඩමුලු මාලාවේ 02 වන අදියර “AusLanka TV Education Migration Expo 2025” පැවැත්වීමට ඇත්තේ තව දින 02 ක් පමණයි.

Read More »