
සුපිරි වෙළඳසැල් සහ ෆාමසිවල අලෙවි කරන ජනප්‍රිය ශාකසාර අතිරේකයක් හේතුවෙන් හදිසි වමනය, පාචනය සහ අක්මා අසාදන තත්වයන් ඇති විය හැකි බවට ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.
ඔස්ට්‍රේලියානුවන් කිහිප දෙනෙකු අක්මාවේ අසාදන, හදිසි වමනය සහ පාචනය හේතුවෙන් රෝහල් ගත කිරීමෙන් පසුවයි මෙම ජනප්‍රිය ඖෂධීය අතිරේකය සම්බන්ධයෙන් මෙලෙස අනතුරු ඇඟවීම නිකුත් කර ඇත්තේ.
අශ්වගන්ධ (Ashwagandha) හෝ වින්ටර් චෙරි (winter cherry) ලෙස හැඳින්වෙන ඔසු, කාංසාව අඩු කිරීමට, නින්ද වැඩි දියුණු කිරීමට සහ කාය ශක්තිය වර්ධනයට බහුලව භාවිතා කරන බව සඳහන්.

එය ඔස්ට්‍රේලියානු චිකිත්සක භාණ්ඩ ලේඛනය විසින් ලැයිස්තුගත කර ඇති ඖෂධයක් වන අතර වෛද්‍ය උපදෙස් නොමැතිව ලබා ගත හැකියි.
මෙම ඖෂධය ඔස්ට්‍රේලියානුවන් විශාල පිරිසක් භාවිත කිරීමෙන් පසු ඔක්කාරය, වමනය සහ පාචනය වැනි රෝග ලක්ෂණ මතුවී ඇති අතර බොහෝ දෙනෙක් විශ්වාස කර ඇත්තේ ආහාර විෂ වීමක් ඊට හේතු වන්නට ඇති බවටයි.

එහෙත් මෙම ඖෂධ ගැනීම නතර කිරීමෙන් පසු ඔවුන් සුව අතට පත්වී තිබෙනවා.
මෙය ගෝලීය වශයෙන් නව ගැටළුවක් වන අතර, මේ පිළිබඳ සමීපව නිරීක්ෂණය කරන බවයි ඔස්ට්‍රේලියා සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළේ.
ඖෂධයේ අතුරු ප්‍රතිඵල සම්බන්ධව සනාථ කරන තවත් සාක්ෂි මතු වුවහොත්, නියාමන ක්‍රියාමාර්ග ගැනීමට සලකා බව ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා.