Search

හිතාගන්න බැරි තීරණයක් එක්ක රුසියානු විපක්ෂ නායකගේ මවට පැය තුනක්

රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නිගේ දේහය රහසිගතව භූමදානය කිරීම සඳහා එකඟ වන ලෙසට රුසියානු බලධාරීන් ඔහුගේ මවට පැය තුනක කාලයක් ලබා දී ඇති බව අනාවරණ වී තිබෙනවා.

අභාවප්‍රාප්ත නවාල්නිගේ ප්‍රකාශකයා පැවසුවේ රුසියානු බලධාරීන් ඔහුගේ මව වන ලියුඩ්මිලාට මේ සම්බන්ධයෙන් අවසන් නිවේදනයක් ලබා දුන් බවයි.

අභාවප්‍රාප්ත ඇලෙක්සි නවාල්නිගේ දේහය පොදු අවමංගල්‍යයක් නොපවත්වා අවසන් කිරීමට පැය තුනක් ඇතුළත එකඟ නොවන්නේ නම් ඔහු මියගිය දණ්ඩ ජනපදයේ මිහිදන් කරන බව රුසියානු බලධාරීන් ඔහුගේ මවට ප්‍රකාශ කර තිබෙනවා.

විපක්ෂ නායකවරයාගේ මව වන 69 හැවිරිදි ලියුඩ්මිලා, ඔහුගේ මිතුරන්, පවුලේ අය සහ ආධාරකරුවන්ට ගෞරව දැක්වීමට ඉඩ සලසන ආකාරයෙන් දේහය භූමදාන කිරීමට ලබාදෙන ලෙස දින ගණනාවක් තිස්සේ ඉල්ලීම් කරමින් සිටිනවා

එහෙත් සිකුරාදා, නවාල්නිගේ ප්‍රකාශකයා සඳහන් කළේ විමර්ශකයෙකු මව අමතා ඇයට අවසාන නිවේදනයක් ලබා දුන් බවයි.

කෙසේවෙතත් නවාල්නිගේ මව මෙම යෝජනා ප්‍රතික්ෂේප කරන අතර පුත්‍රයාගේ සිරුර තමාට භාර දෙන ලෙස දිගින් දිගටම ඉල්ලීම් කරන බවත් සඳහන්.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් නවාල්නි ඝාතනය කළ බවට පවුලේ අය සහ ආධාරකරුවන් චෝදනා කළ අතර ක්‍රෙම්ලිනය එය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මේ අතර නවාල්නිගේ මරණය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය රුසියානු නිලධාරීන් තිදෙනෙකුට සම්බාධක ද පනවා ඇති අතර, තවත් ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බවයි අවධාරණය කළේ.

ඔබත් Coffee Lover කෙනෙක් ද? එහෙනම් ඔබට තවත් ගැටලුවක්

ගෝලීය වෙළඳපොලේ භාණ්ඩ වල මිල ඉහල යාමත් සමග Coffee Lovers ලට ඔවුන්ගේ ප්‍රියතම පාන සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

$65000ක නත්තල් බෝනස් දෙන්න ඔස්ට්‍රේලියානු සමාගම

ඔස්ට්‍රේලියානු සමාගමක් ඩොලර් බිලියන 24ක ආදායම් වාර්තාවකින් පසු කම්කරුවන් සඳහා ඩොලර් 65000ක ප්‍රසාද දීමනාවක් ලබා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

වික්ටෝරියා හි සංක්‍රමණිකයින්ට රැකියා දෙන්න අලුත්ම වැඩක්

වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සංක්‍රමණිකයින්ට රැකියා සොයා ගැනීම පහසු කිරීම සදහා නවතම සේවාවක් ප්‍රාන්ත රජයේ මැදිහත්වීමෙන් ආරම්භ කර තිබෙනවා.

Read More »