ඩොලර් මිලියන 28කට අළෙවි කිරීමට අපේක්ෂිත මන්දිරයක් පිළිබද තොරතුරු සිඩ්නි අගනුවරින් වාර්තා වී තිබෙනවා.
විකුණුම් වාර්තාවක් බිඳ දැමීමට සමත් මෙම මන්දිරය සිඩ්නි වරාය ආශ්‍රිතව පිහිටා ඇති අතර දේශීය මෙන්ම ජාත්‍යන්තර ගැනුම්කරුවන්ගේ උනන්දුව ඉහළ දැමීමට සමත්ව ඇති බවයි වාර්තා වන්නේ.
සිඩ්නි සති අන්ත වාර්තා පෙන්වා දෙන්නේ මිල අධිකම දේපළ කොටසක් ලෙස මෙම මන්දිරය නම් කර ඇති බවයි.
මෙහි විශේෂත්වය වනුයේ මන්දිරයෙහි ඉහළ මාලය වරාය පරිශ්‍රයේ සුන්දර දසුන් නැරඹීමට හැකි ඉතා අලංකාර ස්ථානයක් වීමයි.
මෙය සිව්මහල් නිවසක් වන අතර නිදන කාමර පහක්, නාන කාමර හතක්, නාන තටාකයක්, මුළුතැන්ගෙය සහ අලංකාර උද්‍යාන වැනි අංගයන්ගෙන් සමන්වියි.
මෙම නිවස ඉදි කිරීම සදහා වසර තුනක් ගතව ඇති අතර නිවසෙහි වූ වානේ පඩිපෙළ වඩාත් ආකර්ෂණීය අංගයක් ලෙසයි හැඳින්වෙන්නේ.
මෙම නිවස ඩොලර් මිලියන 28ක මුදලකට අළෙවි කිරීමට සුදානම් වන අතර ඒ සඳහා ඕනෑම කෙනෙකුට ලන්සු ඉදිරිපත් කිරීමට හැකියි.
වෙරළ ආශ්‍රිතව පිහිටි මිල අධිකම මන්දිරය ලෙස මීට පෙර වාර්තා අතරට එක්ව ඇත්තේ 2022 වසරේදී ඩොලර් මිලියන 23.5කට අළෙවි වූ මැදුරක්.