
ඔස්ට්‍රේලියාව විසින් හදුන්වා හදුන්වාදීමට නියමිත ඊ සේෆ්ටි (eSafety) මාර්ගෝපදේශ සම්බන්ධයෙන් Apple සමාගම අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
Iphone හි ක්ලවුඩ් සේවා ස්කෑන් කිරීමට තාක්‍ෂණ සමාගම්වලට බල කිරීමේ ඔස්ට්‍රේලියානු යෝජනාවට සම්බන්ධවයි මෙලෙස අනතුරු ඇඟවා ඇත්තේ.
පසුගිය වසරේ නිකුත් කරන ලද ළමා ආරක්‍ෂාව ඉලක්ක කරගත් අනිවාර්ය ප්‍රමිතීන් දෙකක් යටතේ, eSafety කොමසාරිස් ජූලි ඉන්මාන් ග්‍රාන්ට් (Julie Inman Grant) විසින් ළමා අපයෝජන ක්‍රියා සහ ත්‍රස්තවාදී ගැති තොරතුරු හඳුනාගෙන ඉවත් කළ යුතු බවට යෝජනා කර තිබුණා.

නීතිවිරෝධී සහ ත්‍රස්ත විරෝධී අන්තර්ගතවලින් ඔස්ට්‍රේලියානුවන් ආරක්ෂා කිරීම සඳහා ඔන්ලයින් ආරක්ෂණ ප්‍රමිතියක් හඳුන්වා දීමටයි යෝජනා ඉදිරිපත්ව ඇත්තේ.
නීති සම්පාදනය හඳුන්වා දීමට පෙර මහජන උපදේශනය සඳහා අවකාශය විවෘතව පවතීන අතර වසරක් ඇතුළත එම ක්‍රියාදාමය ස්ථාපිත කිරීමටයි ෆෙඩරල් රජය පියවර ගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ඇපල් සමාගම නිවේදනය කර ඇත්තේ මෙලෙස iphone හි ක්ලවුඩ් සේවා භාවිත කරන පාරිභෝගිකයින්ට අවාසි සහගත වන බවයි.
ඒ අනුව ඉදිරියේදි අත්‍යාවශ්‍ය ජයාරූප සහ අන්තර්ගතයන් ක්ලවුඩ් සේවා තුළ සුරක්ෂිතන්කිරීමට ද බලපෑම් එල්ල වන බවයි ඇපල් සමාගම පෙන්වා දෙන්නේ.