Search

මෙල්බන් නුවර මාරක දුම්රිය අනතුරට හේතුව අධිකරණයේදී හෙළිවෙයි

මෙල්බර්න් නුවර ආසන්නයේදී 2020 වසරේදී සිදු වූ මාරක දුම්රිය පීලි පැනීම වළක්වා ගත හැකිව තිබුණේ මූලික ආරක්ෂක පියවර මගින් බව දුම්රිය සමාගම් පිළිගෙන තිබෙනවා.

මෙල්බර්න් දෙසට ධාවනය වූ දුම්රියක් පීලි පැන දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් දුම්රිය සමාගම් අධිකරණය හමුවේ වරද පිළිගෙන ඇති බවයි වාර්තා වන්නේ.

නිව් සවුත්වේල්ස් ට්‍රේන්ස් (NSW Trains) සහ ඔස්ට්‍රේලියන් රේල් ට්‍රැක් කෝපරේෂන් (Australian Rail Track Corporation) සමාගම් පවසන්නේ 2020 වසරේ සිදු වූ එම ඛේදවාචකය වැළැක්විය හැකි ආරක්ෂිත පියවර ක්‍රියාත්මක කිරීමට තමන් අපොහොසත් වූ බවයි.

තම සැමියාගේ මරණය ප්‍රවෘත්ති වාර්තා මගින් දැනගත් බවත් ඔහුගේ සේවායෝජකයා පිළිබඳ තමන් කලකිරීමට පත් වූ බවත් අනතුරින් මියගිය දුම්රිය රියැදුරු ජෝන් කෙනඩිගේ බිරිඳ ප්‍රකාශ කර තිබෙනවා.

ඇය පවසන්නේ දුම්රිය ආරක්ෂක නීති කඩකිරීම සම්බන්ධයෙන් සමාගම වරද පිළිගත් බැවින් තමා කිසිවිටෙකත් සැමියාගේ සේවායෝජකයාට සමාව නොදෙන බවයි.

2020 වසරේ පෙබරවාරි 20 වනදා මෙල්බර්න් සිට සිඩ්නි දක්වා ධාවනය වෙමින් තිබූ මගී දුම්රියක් වොලන්හිදී පීලි පැනීමෙන් අනතුරට ලක්වූ අතර එහි අණදෙන නිලධාරියා වූයේ ජෝන් කෙනඩි යි.

කෙනඩි සහ ඔහුගේ සම සේවකයා ද අනතුරින් මිය ගිය අතර තවත් 61 දෙනෙක් තුවාල ලැබුවා.

මෙල්බර්න් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අනාවරණ වී ඇත්තේ දුම්රිය පීලි පැනීමට ලක් වූ අවස්ථාවේ එය නියමිත වේග සීමාවට වඩා පැයට කිලෝමීටර් 100 ක පමණ වේගයකින් ධාවනය වූ බවයි.

එය සාමාන්‍යයෙන් අධික වේගයෙන් දුම්රිය ගමන් කරන ප්‍රදේශයක් වන අතර මාර්ගයේ උපරිම වේග සීමාව පැයට කිලෝමීටර 15ක් බවට සීමා කර බවට රියදුරා දැනුවත්ව සිට නැහැ.

දශක හතරක පළපුරුද්දක් ඇති රියදුරෙකු වන කෙනඩි පෙර දින රාත්‍රියේ ධාවන මාර්ගය බලධාරීන් විසින් වෙනස් කර ඇති බව දැන සිටි නොමැති බවයි වාර්තා වන්නේ.

අධිකරණයට කරුණු හෙළිවී ඇත්තේ අදාළ වෙනස් වීම සම්බන්ධයෙන් රියදුරු කුටියේ කඩදාසි කැබැල්ලක තොරතුරු අඩංගු වූ අතර දුම්රිය පාලකයන් විසින් කෙනඩි සමඟ වාචිකව ඒ පිළිබඳ කරුණු හුවමාරු කරගෙන නොමැති බවයි.

අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වූ ඔස්ට්‍රේලියානු ප්‍රවාහන ආරක්ෂණ කාර්යාංශය විසින් මෙම තොරතුරු හෙළි කරගෙන තිබෙනවා.

දුම්රිය ක්‍රියාකරුවන්ට ඩොලර් මිලියන 1.5ක් තරම් ඉහළ දඩ මුදල් පැනවෙනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර මහේස්ත්‍රාත් සොනට් පැවසුවේ අප්‍රේල් 3 වැනිදා දඬුවම ප්‍රකාශයට පත් කරන බවයි.

ඔස්ට්‍රේලියානු $ අගය අද රුපියල් 190කට සීමා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 11) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 190 කට ආසන්න වී තිබෙනවා.

Read More »

ඔබත් Coffee Lover කෙනෙක් ද? එහෙනම් ඔබට තවත් ගැටලුවක්

ගෝලීය වෙළඳපොලේ භාණ්ඩ වල මිල ඉහල යාමත් සමග Coffee Lovers ලට ඔවුන්ගේ ප්‍රියතම පාන සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »