Search

ඔස්ට්‍රේලියානුවන්ගේ සූදුව නතර කරගන්න කරන්න හදන අලුත් වැඩේ

ඔස්ට්‍රේලියානුවන් සූදුව නොහොත් ගැම්බ්ලින් සඳහා ඇබ්බැහිවීම මහජන සෞඛ්‍ය අර්බුදයක් දක්වා වර්ධනය විය හැකි බව නවතම අධ්‍යයනයකදී හෙළිව තිබෙනවා.

මෙම තත්ත්වය තරුණ ඔස්ට්‍රේලියානුවන් අතර වැඩි වශයෙන් පවතින බවයි වාර්තා වන්නේ.

මේ අතර අන්තර්ජාලය ඔස්සේ ඔට්ටු ඇල්ලීම ට ද තරුණ ඔස්ට්‍රේලියානුවන් වැඩිවශයෙන් යොමුව ඇති බව එම වාර්තා පෙන්වා දෙනවා.

ස්ව කැමැත්තෙක්ම අන්තර්ජාල ඔට්ටු ඇල්ලීම් සහ ගැම්බ්ලින් ක්‍රිඩාවල නිරතවීමෙන් ඉවත් වීමට ඉල්ලුම් කරන ඔස්ට්‍රේලියානුවන්ට ඒ සඳහා අවස්ථාව ලබා දීමට ෆෙඩරල් රජය පියවර ගෙන තිබෙනවා

ඕනෑම් කෙනෙකු ස්ව කැමැත්තෙන් ඉන් ඉවත් වීමට කැමැත්තක් දක්වන්නේ නම් එම වෙබ් අඩවි වෙත ප්‍රවේශ වීම වැලැක්වීම නොහොත් බේට් ස්ටොප් ක්‍රියාවලිය සඳහා සම්බන්ධ විය හැකියි.

විශේෂයෙන් 18000කට වැඩි ඔස්ට්‍රේලියානුවන් පිරිසක් මෙලෙස ස්ව කැමැත්නේම සූදු ක්‍රීඩාවට වාරණයක් පනවා ගැනීමට බේට් ස්ටොප් හරහා ලියාපදංචි වී තිබෙනවා.

එම පිරිස අතර වැඩි පිරිසක් වයස අවුරුදු 40ට අඩු අය වීම විශේෂත්වයක්.

ආබාධිත දරුවන් විශාල පිරිසකට උපකාර කළ අශ්වයාට වික්ටෝරියාවේදී සිදුවූ දේ

පසුගිය වසර දෙකක කාලසීමාව තුළ ආබාධිත දරුවන් රැසකට සහය වූ Therapy අශ්වයෙකු වික්ටෝරියා ප්‍රාන්තයේ බෙන්ඩිගෝ හීදී සොරාගෙන තිබෙනවා.

Read More »

ලාංකිකයන්ගේ ඔස්ට්‍රේලියා – නවසීලන්ත සිහින සැබෑ වෙන්න තව පැය 48 යි

ඔස්ට්‍රේලියා – නවසීලන්ත රැකියාවක් හෝ අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන සංක්‍රමණ වැඩමුලු මාලාවේ 02 වන අදියර “AusLanka TV Education Migration Expo 2025” පැවැත්වීමට ඇත්තේ තව දින 02 ක් පමණයි.

Read More »