ඕස්ට්‍රේලියාවේ නොමිලේ කොරෝනා එන්නත ලැබෙන සහ නොලැබෙන අය මෙන්න.

ඕස්ට්‍රේලියාවේ නොමිලේ කොරෝනා එන්නත ලැබෙන සහ නොලැබෙන අය මෙන්න.

ඕස්ට්‍රේලියානුවන්ට COVID-19 එන්නත නොමිලේ ලැබෙනු ඇත. නමුත් සමහර තාවකාලික වීසා හිමියන්ට එය එසේ නොවනු ඇත​.

COVID-19 එන්නත් ලබා දීමේ වැඩසටහන ලබන මාසයේදී ඕස්ට්‍රේලියාව විසින් ආරම්භ කිරීමට අපේක්ෂා කරන අතර එය ඕස්ට්‍රේලියානු පුරවැසියන්ට, ස්ථිර පදිංචිකරුවන්ට සහ බොහෝ වීසා බලපත්‍රලාභීන්ට නොමිලේ ලබා දෙනු ඇත.

කෙසේ වෙතත්, වෙනත් විසා හිමියන් 65,000 කට ආසන්න සංඛ්‍යාවකට මෙම එන්නත සඳහා ගෙවීමට සිදු වනු ඇත​. මෙම වීසා බලපත්‍රලාභීන්ට කොපමණ මුදලක් මේ එන්නත ලබා ගැනීම සඳහා වැය වේ දැයි පිළිබඳව සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අදහස් දක්වා නැත.

මේ අනුව, උප පංති 600 (සංචාරක), 771 (සංක්‍රාන්ති), 651 (eVisitor) සහ 601 (Electronic Travel Authority) යන වීසා හිමියන්ට කොරෝනා එන්නත ඕස්ට්‍රේලියාව තුල ලබා ගැනීමට මුදල් ගෙවීමට සිදු වේ.

සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිකුත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශයේ (Australian Covid-19 Vaccination Policy) දැක්වෙන පරිදි ඉහත වීසා ලාභීන් හැර අනෙකුත් සියලුම වීසා හිමියන්ට කොරෝනා එන්නත නොමිලේ ලබා දීමට ඕස්ට්‍රේලියානු රජය කටයුතු සලසා ඇත.

ෆෝබ්ස් සඟරාවට අනුව, ෆයිසර්-බයෝටෙක් විසින් අමෙරිකා එක්සත් ජනපදයේ මාත්‍රාවක ආරම්භක මිල ඇමරිකානු ඩොලර් 19.5 ක් ලෙස නියම කර ඇති අතර සෑම එන්නතකටම මාත්‍රා දෙකක් අවශ්‍ය වන අතර එය ඇමරිකානු ඩොලර් 39 කි. ඇස්ට්‍රාසෙනෙකා එන්නත සඳහා මාත්‍රාවක් ඇමරිකානු ඩොලර් 3 සිට 4 දක්වා වැය වේ.

ඕස්ට්‍රේලියානු රජය විසින් ෆයිසර්-බයෝ එන්ටෙක් එන්නත මාත්‍රා මිලියන 10 ක් මිල දී ගෙන ඇති අතර එය මේ මස TGA විසින් අනුමත කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඇස්ට්‍රා සෙනෙකා එන්නත මාත්‍රා මිලියන 54 ක් ද වෙන් කරවා ගෙන ඇත​.

වැඩි විස්තර​: https://www.health.gov.au/sites/default/files/documents/2020/12/australian-covid-19-vaccination-policy.pdf

දකුණු ආසියාවේ පළමු අහස් පාලම සමග ITC රත්නදීප විවෘත වෙයි

ගාලු මුවදොර ආසන්නයේ ඉදි කෙරුණු ITC රත්නදීප (‘ITC Ratnadipa Colombo’ )අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ විවෘත කරනු ලැබුවා.

Read More »

පර්ත් අවට මුහුදු තීරයට යන අයට අනතුරු ඇඟවීමක්

පර්ත් ආසන්න මුහුදු තීරයේ ඇති ඇල්ගී විශේෂයක් හේතුවෙන් පර්ත් හි සංචාරය කරන්නන්ට මුහුදේ දිය නෑම පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් Anzac Day පෙළපාලිවලට එක්වෙයි

මෙවර ඇන්සක් ඩේ සැමරුම් පෙළපාලි සඳහා ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ද ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයට ඒකරාශී වී තිබෙනවා.

Read More »

ග්‍රීසියේ ඇතන්ස් නගරය අඟහරුට සමාන වෙයි

සහරා කාන්තාරයෙන් පැමිණෙන දූවිලි වලාකුළු සමඟ ග්‍රීසියේ ඇතන්ස් නගරයට ඉහළින් අඟහරු ග්‍රහ ලෝකයට සමාන තැඹිලි පැහැති දුමාරයක් මතුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

උමා ඔයේ සේවිකාවන් දෙදෙනෙකුට වෙන් වූ ජනන යන්ත්‍ර

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉදිකිරීමේදී ලැබුණු සහාය අගයමින් ජල විදුලි සංකීර්ණයේ ජනන යන්ත්‍ර දෙකක් කාන්තා සේවිකාවන් දෙදෙනෙකුගේ නමින් නම් කර තිබෙනවා.

Read More »