ඇපල් iPhone දුරකථන වියළීමට යොදාගන්නා ජනප්‍රිය ක්‍රමයක් සම්බන්ධයෙන් ඇපල් සමාගම එම දුරකථන භාවිත කරන්නන්ට අනතුරු අඟවා තිබෙනවා.
එම සමාගම පවසන්නේ ඇපල් උපාංග තෙත් වුවහොත් දුරකථනය සහල් බඳුනක තැබීම පොදුවේ දන්නා උපක්‍රමයක් විය හැකි නමුත් එසේ නොකළ යුතු බවයි.
ඇපල් සමාගම විසින් නව මාර්ගෝපදේශයක් නිකුත් කරමින් පරිශීලකයින්ට පවසා ඇත්තේ මෙම ක්‍රමය මගින් එම උපාංගවලට හානි සිදු විය හැකි බවයි.
දුරකථනය සහල්වල දැමීමෙන් සහල්වල ඇති කුඩා අංශු කොටස් දුරකථන උපාංගයේ කොටස්වලට හානි කිරීමට හේතු විය හැකි බව පවසන ඇපල් සමාගම ඒ වෙනුවට යෝජනා කළේ ඕනෑම ද්‍රවයකින් තෙත් වුව හොත් මෘදු ලෙස තට්ටු කර මුනින් අතට තබා වියළන ලෙසයි.
රේඩියේටර් සහ කෙස් වියළන යන්ත්‍ර ඒ සඳහා භාවිත නොකළ යුතු බවට ද උපදෙස් ලබා දෙනවා.
ජංගම දුරකථනයට ටිෂූ කඩදාසි වැනි දෑ ඇතුළු කිරීමට එරෙහිව ද සමාගම අනතුරු අඟවා තිබුණා.
iPhone 12 සිට සියලුම ඇපල් උපාංගයන් ජලයේ මීටර් හයක් ගැඹුරට පැය භාගයක් දක්වා ගිල්වීමට ඔරොත්තු දෙන බව එම සමාගම වැඩිදුරටත් පවසනවා.
ඇපල් හි නව මාර්ගෝපදේශය පෙන්වා දෙන්නේ iPhone හෝ ඇපල් උපාංගය තෙත් වුවහොත් පළමුව, කේබලය ඉවත් කර යුතු අතර උපාංග සම්පූර්ණයෙන්ම වියළී යන තෙක් එය නැවත සම්බන්ධ නොකළ යුතු බවයි.