Search

පෞද්ගලික සහ රජයේ පාසල් අතර වියදම් ගැන හිතාගන්නවත් බැරි කරුණු වෘත්තීය සමිති කියයි

ඔස්ට්‍රේලියාවේ පෞද්ගලික පාසල් පහක් එක් වසරක් තුළ සියලුම රජයේ පාසල්වල වැය කරනු ලබන මුදලින් අඩකට වඩා වැඩි මුදලක් නව පහසුකම් සඳහා වියදම් කර ඇති බව වෘත්තීය සමිති විශ්ලේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

2021 වසරේ දී පෞද්ගලික පාසල් පහක් නව පහසුකම් සඳහා ඩොලර් මිලියන 175.6ක් වියදම් කර ඇති අතර රජයේ පාසල් 3,372ක් සඳහා වැය කර ඇත්තේ ඩොලර් මිලියන 174.4ක් බවටයි හෙළිවී ඇත්තේ.

ෆෙඩරල් අධ්‍යාපන අමාත්‍ය ජේසන් ක්ලෙයාර් ප්‍රකාශ කරන්නේ මෙම වාර්තාව විකාර සහ නොමඟ යවනසුලු එකක් වන අතර පෞද්ගලික පාසල්වල ප්‍රාග්ධන කටයුතු සඳහා බොහෝ දුරට දෙමාපියන් සහ පාසල් ප්‍රජාවන් විසින් අරමුදල් සපයන බවයි.

නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්තවල පෞද්ගලික පාසල් පහක් 2021 වසරේදී රටේ රජයේ පාසල්වලින් අඩකට වඩා වැඩි මුදලක් නව පහසුකම් සඳහා වියදම් කර ඇති බවට වෘත්තීය සමිති විශ්ලේෂණයෙන් හෙළි වී තිබෙනවා.

නව පහසුකම් සඳහා පෞද්ගලික පාසල් වෙත අරමුදල් බොහෝ දුරට ලැබී ඇත්තේ දෙමාපියන්ගේ පරිත්‍යාග සහ ආයෝජන මගින් බව සඳහන්.

රජයේ පාසල්වලට අරමුදල් සැපයීම සඳහා වැඩි මුදලක් ගෙවන ලෙස ආන්ඩුවට බලපෑම් කිරීමට ඔස්ට්‍රේලියාවේ ගුරු සංගම් උත්සාහ කිරීමත් සමඟ මෙම වාර්තාව සිය කරුණු අනාවරණ කර තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයා රජයේ පාසල්වලට සම්පූර්ණයෙන් අරමුදල් සපයන බවට දුන් පොරොන්දුව ඉටු කළ යුතු බවටයි වෘත්තීය සමිති ඉල්ලා ඇත්තේ.

Dementia වර්ධනය වන හේතු

Dementia රෝගය හඳුනාගැනීම සහ ප්‍රතිකාර කිරීමේ විප්ලවීය වෙනසක් ඇති කළ හැකි නව සොයාගැනීමක් සිදුකර තිබෙනවා.

Read More »

මෙල්බන්හිදී මෝටර් රථයක් සොරකම් කළ තරුණයෙක් පොලිස් සුනඛයෙකු විසින් සපා කයි.

මෝටර් රථයක් සොරකම් කිරීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් යෞවනයෙකු පොලිස් සුනඛයෙකු විසින් සපාකෑමේ සිද්ධියක් වාර්තා වනවා.

Read More »