ප්‍රධාන සුපිරි වෙළඳසැල් දෙකක මිල ගණන් ගැන අගමැති ඇන්තනී ඇල්බනීස්ගෙන් ප්‍රකාශයක්

ප්‍රධාන සුපිරි වෙළඳසැල් සමාගම් දෙකක් වන කෝල්ස් සහ වූල් වර්ත්ස් හි වෙළඳපල බලය අධික වුව ද එම ද්විත්ව පාලනය බිඳ දැමීමට කටයුතු නොකරන බව අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනිස් පවසනවා.

අගමැතිවරයා පවසන්නේ කෝල්ස් සහ වූල් වර්ත්ස් හි වෙළඳපල බලය බිඳ දැමීම සඳහා බලය බෙදා හැරීමේ යෝජනා තමා ප්‍රතික්ෂේප කරන බවයි.

ඔස්ට්‍රේලියාව සෝවියට් රටක් නොවීම හේතුවෙන් බලහත්කාරයෙන් සුපිරි වෙළඳසැල් දාම කඩා නොදමන බවයි ඔහු සඳහන් කළේ.

අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් පවසන්නේ මෙම සුපිරි වෙළඳසැල්වල භාණ්ඩ මිල සලකා බැලීමේදී පැහැදිලිවම වැරදි යමක් සිදු වෙමින් පවතින බව පෙනී යන නමුත් තමා මෙම සමාගම් පාලනයට පියවර නොගන්නා බවයි.

Coles සහ Woolworths සුපිරි වෙළඳසැල් ඔවුන්ගේ සිල්ලර බඩු මිල සම්බන්ධයෙන් නිරන්තරයෙන් චෝදනාවන්ට ලක්ව සිටිනවා.

ආහාර පානවල පිරිවැය සියයට 14කින් ඉහළ යාම හමුවේ ඔස්ට්‍රේලියානුවන්ට මෙම මිල ගණන් දැඩි බලපෑමක් බවයි සඳහන් වන්නේ.

කෙසේවෙතත් කොල්ස් හි ප්‍රධාන විධායක නිලධාරී සහ වුල්වර්ත්ස් හි හිටපු ප්‍රධාන විධායක නිලධාරීවරුන් සමාගමේ භාණ්ඩ මිල ඉහළ යන බවට වන චෝදනා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Coles සහ Woolworths සමාගම් පාලනයට පියවර නොගන්නේ මන්දැයි යන්න පිළිබඳ අගමැතිවරයාගෙන් මාධ්‍ය කළ විමසීමක දී ඔහු පැවසුවේ මෙම සමාගම්වලට ඉතා පැහැදිලිවම අධික වෙළඳපල බලයක් ඇති බවයි.

එමෙන්ම ගොවීන්ට තම නිෂ්පාදන සඳහා මෙම සමාගම්වලින් හොඳ මිලක් ලැබෙන අතර ඔවුන්ගේ නිෂ්පාදනයට සාධාරණ මිලක් ලබා දීම පිළිගත හැකි කරුණක් බවයි අගමැතිවරයා පෙන්වා දුන්නේ.

දියතලාව Fox hill ධාවන තරගයේ අනතුරකින් ජීවිත 7ක් අහිමි වෙයි

දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් ධාවන තරගයේදී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් පුද්ගලයන් 7 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තවත් 20 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

Read More »

ජපානයේ හෙලිකොප්ටර් දෙකක බිහිසුණු අනතුරක්

පැසිෆික් සාගර කලාපයේ රාත්‍රී අභ්‍යාසයක් අතරතුර හෙලිකොප්ටර් දෙකක් කඩා වැටීමෙන් ජපාන නාවික කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මිය ගොස් තවත් හත් දෙනෙකු අතුරුදහන් වී තිබෙනවා.

Read More »

අනාගතය වෙනුවෙන් සුපරීක්ෂාකාරී වන්නැයි ඔස්ට්‍රේලියානුවන්ට දැනුම්දීමක්

ඔස්ට්‍රේලියානුවන්ගේ විශ්‍රාම දිවිය වෙනුවෙන් මුදල් එක් රැස් කෙරෙන සුපර්ඇනුඒෂන් (superannuation) අරමුදල් වංචාවන් වැඩිවෙමින් පවතින බැවින් දැඩි අවධානයෙන් පසුවන ලෙස ඉල්ලීමක් කෙරෙනවා.

Read More »

TikTok වීඩියෝවක් නිසා මෙල්බන් කාන්තාවක් ලොව ජනප්‍රිය වෙයි

මෙල්බන්හි වෙස්ට් ගේට් පාලම මත මෝටර් රථයක ඉදිරිපස අසුනේ රූගත කරන ලද ටික්ටොක් විඩියෝවක් හේතුවෙන් මෙල්බන් කාන්තාවක් ලොව පුරා කතාබහට ලක්ව තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට අනතුරු ඇඟවීම් කිහිපයක්

අද ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට ඇදහැලෙන වර්ෂාවක් සමඟ කාලගුණ අනතුරු ඇඟවීම් කිහිපයක් නිකුත් කර තිබෙනවා.

Read More »