
ඔස්ට්‍රේලියාවේ ගුවන් සමාගම්වල ගමන් අවලංගු කිරීම් සහ සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි ගුවන් ගමන් ප්‍රමාද හේතුවෙන් විශාල පිරිසක් අපහසුතාවන්ට පත්වී ඇතැයි වාර්තා වනවා.
ප්‍රධාන ගුවන් සේවා සමාගම් ඔවුන්ගේ කාර්ය සාධනය වැඩි දියුණු කර තිබුණ ද තවමත් සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි වශයෙන් සිදු වන අවලංගු කිරීම් සහ ප්‍රමාදයන්වලට සංචාරකයින් ලක්වන බව සඳහන්.
රජයේ යටිතල පහසුකම් සහ ප්‍රවාහන පර්යේෂණ ආර්ථික කාර්යාංශය නිකුත් කරන ලද දත්තවලින් පෙන්නුම් කරන්නේ පසුගිය ජනවාරි මාසයේදී නියමිත වේලාවට පැමිණි අභ්‍යන්තර ගුවන් ගමන් ප්‍රමාණය හතරෙන් තුනකටත් වඩා අඩු බවයි.

ජනවාරි මාසයේ ගුවන් ගමන් අවලංගු කිරීමේ අනුපාතය පසුගිය 2023 වසරේ එම කාල සීමාවට සමාන වන අතර, නියමිත වේලාවට පැමිණීමේ අනුපාතය 2023 වසරට වඩා පහත වැටී ඇති බවයි වාර්තා වන්නේ.
ප්‍රධාන ගුවන් සේවා අතර ගුවන් ගමන් අවලංගු කිරිම් මෙන්ම ප්‍රමාද වීම් අතරින් වඩාත් නරකම ගුවන් සේවාව වී ඇත්තේ වර්ජින් වන අතර එහි අවලංගු කිරිම් ප්‍රතිශතය සියයට 5.3ක් වනවා.

ක්වොන්ටාස් සියයට 2.5ක් සහ ජෙට්ස්ටාර් සියයට 2.4ක ප්‍රතිශතයකින් ගුවන් ගමන් අවලංගු කර තිබෙනවා.
වර්ජින් සමාගමේ ගුවන් ගමන් සියයට 67.9ක් පමණ ජනවාරි මාසයේ නියමිත වේලාවට ගොඩබස්වා තිබෙනවා.
ක්වොන්ටාස් සමාගමේ එම අගය සියයට 76.6ක් වූ අතර, ජෙට්ස්ටාර් සමාගමේ අගය සියයට 71.5ක් ලෙසට සටහන් වී ඇතැයි සඳහන්.
කලාපීය ගුවන් සමාගමක් වන රෙක්ස් ගුවන් ගමන් 0.6ක් පමණක් අවලංගු කළ අතර ඔවුන්ගේ ගුවන් යානා සියයට 77.3ක් නියමිත වේලාවට ගොඩ බස්වා තිබෙනවා.
තම සේවාවලින් සියයට 80කට වඩා නියමිත වේලාවට පිටත් වූ එකම ඔස්ට්‍රේලියානු ගුවන් සේවය එය ලෙසටයි වාර්තා වී ඇත්තේ.
නවතම ගුවන් සේවය වන, බොන්සා දෙසැම්බර් මාසයේදී ගුවන් ගමන් වලින් සියයට 20ක් පමණ අවලංගු කළ ද අයහපත් කාලගුණය හමුවේ වුව ද ජනවාරි මාසයේ අවලංගු කිරීම් සංඛ්‍යාව සියයට 3.3ක් දක්වා අඩුවී තිබීම විශේෂත්වයක්.