Search

වෙනස් වැඩක් සමග පෞද්ගලික සමාගමක් සඳ තරණයේ ඉතිහාසය අලුත් කරයි

සඳ මත අභ්‍යවකාශ යානයක් සාර්ථකව ගොඩ බැස්වූ පළමු පුද්ගලික සමාගම බවට ඇමරිකා එක්සත් ජනපද සමාගමක් වන ඉන්ටුඅටිව් මැෂින්ස් (Intuitive Machines) ඉතිහාසයට එක් වී තිබෙනවා.

ඔඩිසියස් (Odysseus) යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන මෙම අභ්‍යවකාශ යානය චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවය ආසන්නයට සාර්ථකව ගොඩ බස්වනු ලැබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

විද්‍යාඥයන් බලාපොරොත්තු වන්නේ එහි ජල මූලාශ්‍රයක් තිබිය හැකි බවයි.

අභ්‍යවකාශ යානය පසුගිය බ්‍රහස්පතින්දා ෆ්ලොරිඩාවේ කේප් කැනවරල් තුඩුවෙන් පිටත් වීමෙන් පසු පෘථිවියේ සිට කිලෝමීටර් 384,400ක් සඳ වෙත ගමන් කර තිබෙනවා.

සඳ මතුපිට අධ්‍යයනය කිරීමට සහ රේඩියෝ තරංග මැනීමට උපකාර වන විද්‍යාත්මක උපකරණ හයක් යානයේ රැගෙන යාමට නාසා ආයතනය විසින් ඉන්ටුඅටිව් මැෂින්ස් සමග ගිවිසුම් ගත වී තිබුණා.

හූස්ටන් නුවර ස්ථාපිත සමාගම එළඹෙන මාර්තු මාසයේදී තවත් අභ්‍යවකාශ යානයක් යැවීමට බලාපොරොත්තු වන අතර එය සඳෙහි භූගත අයිස් සොයා ගැනීමට කටයුතු කරනු ඇති.

ඔඩිසියස් යානය විසින් ඇමරිකා එක්සත් ජනපද චිත්‍ර ශිල්පී ජෙෆ් කූන්ස් විසින් නිර්මාණය ලද කුඩා මූර්ති 125ක් ද රැගෙන යන අතර, ඒවා සඳ මතුපිටට ගොඩබසින පළමු කලා කෘති බවට පත් වනවා.

කොරෝනා මිනිසුන් නිපදවූවාදැයි සැකයක් ?

කොරෝනා වයිරසය මිනිසා විසින් සාදන ලද රෝග කාරකයක් බවට තහවුරු කරමින් ධවල මන්දිරය නව වෙබ් අඩවියක් ආරම්භ කර තිබෙනවා. එමගින් ඔවුන් සදහන් කරන්නේ කොවිඩ්-19 වෛරසය

Read More »