මිනිස් මොළයට බද්ධ කළ චිප් එක සාර්ථකයි – කරන්න පුළුවන් වැඩ ගැන පළමු වරට හෙළිදරව්වක්

දත්ත ගබඩා කිරීමේ චිප් එකක් මිනිස් මොළයට සාර්ථකව බද්ධ කිරීමෙන් පසු එහි ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් තමන් සැහීමකට පත්වන බව ඉලෝන් මස්ක් (Elon Musk) පවසනවා.

Elon Musk ආරම්භ කළ නියුරා ලින්ක් (Neuralink) ආයතනය විසින් පළමු වරට සාර්ථක ලෙස මිනිසෙකුගේ මොළයට චිපයක් බද්ධ කරනු ලැබුවා.

එලෙස බද්ධ කරන ලද පළමු රෝගියා සම්පූර්ණයෙන්ම සුව වී ඇති බව පෙනෙන අතර, ඔහුගේ සිතුවිලි භාවිතා කරමින් පරිගණක මවුස් එකක් පාලනය කිරීමට ද හැකියාව ඇති බවයි ඉලෝන් මස්ක් සඳහන් කළේ.

ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ තරබාරුකම, ඔටිසම්, මානසික අවපීඩනය වැනි තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීම සඳහා මෙය වැඩි දියුණු කර පහසුකම් සපයන බවයි.

රෝගියා සම්පූර්ණ සුවය ලබා ඇති අතර මෙතෙක් ලැබී ඇති තොරතුරු අනුව කිසිදු අහිතකර ප්‍රතිවිපාකයක් ද නොමැති බවයි මස්ක් ප්‍රකාශ කළේ.

2023 වසරේ සැප්තැම්බර් මාසයේදී මිනිස් අත්හදා බැලීම් සඳහා අනුමැතිය ලැබීමෙන් පසු නියුරාලින්ක් සමාගම පසුගිය ජනවාරි මාසයේදී පළමු මිනිස් රෝගියාට චිප් එකක් සාර්ථකව බද්ධ කරනු ලැබුවා.

සමාගමේ ආරම්භක ඉලක්කය වී ඇත්තේ මිනිසුන්ට ඔවුන්ගේ සිතුවිලි භාවිතා කරමින් පරිගණක කර්සරයක් හෝ යතුරු පුවරුවක් පාලනය කිරීමට උත්සහ කිරීමයි.

ඉලෝන් මසක් ගේ නියුරාලින්ක් සමාගම එහි ආරක්‍ෂිත පියවර සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා පසුගිය වසරේ අවස්ථා කිහිපයකදී කැඳවීම්වලට මුහුණ දී තිබුණා.

අනතුරුදායක ද්‍රව්‍ය සංචලනය කිරීමට අදාළව එක්සත් ජනපද ප්‍රවාහන දෙපාර්තමේන්තු නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් සමාගමට දඩ ද නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඔස්ට්‍රේලියාව පැරදූ ඇෆ්ගනිස්ථානයට වාර්තාගත ජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාලියේදී ඔස්ට්‍රේලියා කණ්ඩායම පරදවා ඉතිහාසගත වන ජයක් ලබා ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අද සමත්වුණා. ඒ ඔස්ට්‍රේලියා කණ්ඩායම සමග අද පැවති තරගය ලකුණු 21කින් ජය ගැනීමත් සමගයි. ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ඔස්ට්‍රේලියාවට එරෙහිව තරගයක් ජයග්‍රහණය කළ පළමු අවස්ථාව ද මෙය ලෙසටයි වාර්තා අතරට එක්වන්නේ. මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 148ක් රැස් කළා. Rahmanullah Gurbaz පන්දු 49කින් වේගවත් ලකුණු

Read More »

T20 ලෝක කුසලානයේදී Pat Cummins ගෙන් යළිත් වාර්තාවක්

2024 පන්දු වාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සමග පැවැත්වෙන තරගයේදී කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා ක්‍රීඩක පැට් කමින්ස් අද සමත්වුණා.

Read More »

ඔස්ට්‍රේලියානු තරුණයන්ගේ ක්‍රියාවක් නිසා අනාගතය ගැන අවදානමක්

දකුණු ඔස්ට්‍රේලියානු තරුණයින් අතර සාමාන්‍ය දුම් පානය අභිබවා ඉලෙක්ට්‍රොනික දුම්වැටි භාවිතය ඉහළ ගොස් ඇති බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඇෆ්ගනිස්ථානයෙන් ඔස්ට්‍රේලියාවට ලකුණු 149ක ඉලක්කයක්

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ super 8 වටයේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග පැවැත්වෙන තරගය ජය ගැනීමට ඔස්ට්‍රේලියාවට ලකුණු 149ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

Read More »