Search

අලුත් රැකියා 4200ක් සමග ජල පිරිපහදු කම්හලක් ස්ථාපිත කිරීමට සැලසුම්

ජලයේ ලවණ ඉවත් කර පිරිපහදු කිරීමේ කම්හලක් අයර් (Eyre) අර්ධද්වීපයේ ඉදිකිරීම සඳහා ශක්‍යතා අධ්‍යයනයක් වෙනුවෙන් දකුණු ඔස්ට්‍රේලියානු රජය ඩොලර් මිලියන 100ක් වෙන් කර තිබෙනවා.

පතල් කැණීමේ දැවැන්තයෙක් වන වන BHP සමාගම ද මෙම අධ්‍යයනයට ඩොලර් මිලියන 77ක දායකත්වයක් ලබා දීමටයි සැලසුම් කර ඇත්තේ.

යෝජිත ජල ලවණීකරණ කම්හල සහ නල මාර්ගය සඳහා ඩොලර් බිලියන 5 කට වඩා වැඩි මුදලක් වැය වන අතර එමගින් නව රැකියා අවස්ථා 4,200ක් උත්පාදනය වනු ඇතැයි අපේක්ෂිතයි.

අයර් අර්ධද්වීපයේ දිනකට මෙගා ලීටර් 260ක ලවණ ඉවත් කිරීමේ බලාගාරය සහ කිලෝමීටර් 600ක පමණ නල මාර්ගයක් මෙම උතුරු ජල ව්‍යාපෘතියට අයත්.

අග්‍රාමාත්‍ය පීටර් මලිනවුස්කාස් පැවසුවේ ව්‍යාපෘතිය ප්‍රාන්ත ඉතිහාසයේ විශාලතම යටිතල පහසුකම් ආයෝජනය වනු ඇති බවයි.

එය සාර්ථක වුවහොත්, කේප් හාඩිහි ලවණ ඉවත් කිරීමේ කම්හල සහ නල මාර්ගය මගින් ප්‍රාන්තයේ උතුරේ පතල් හා කෘෂිකාර්මික කර්මාන්ත සඳහා තිරසාර ජල සැපයුමක් සපයනු ඇති.

මෙම ව්‍යාපෘතිය මගින් BHP සහ අනෙකුත් පතල් සමාගම්වල තඹ නිෂ්පාදනය වැඩි වනු ඇති බවට ද බලාපොරොත්තු වනවා.

ඔස්ට්‍රේලියාව තුළ න්‍යෂ්ඨික බලශක්ති භාවිතයේ දැවැන්ත පාඩුවක් ගැන පළමු වරට අනාවරණයක්

ඔස්ට්‍රේලියාව තුළ න්‍යෂ්ඨික බලශක්ති භාවිතය පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතා කිරීමට සාපේක්ෂව දෙගුණයකින් පමණ මිලෙන් අධික වන බව නවතම වාර්තාවකින් හෙළිදරව් වී තිබෙනවා.

Read More »

වසර 30 කට පසු Emirates මෙල්බන් ගුවන් සේවා අඩු කරන්න යයි

Emirates ගුවන් සමාගම විසින් වසර 30 කට පසු ඔස්ට්‍රේලියා මහද්වීපය සහ ආසියා මහද්වීපය අතර දිවෙන ප්‍රසිද්ධ ගුවන් ගමන් මාර්ගයක සිය සේවාවන් අත්හිටුවා තිබෙනවා.

Read More »

සතිය ආරම්භයේ ඔස්ට්‍රේලියානු $ අගය තවත් පහතට

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 09) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 191 කට ආසන්න වී තිබෙනවා.

Read More »

Geelong හි මෝටර් රථ සොරකමක් මැඩලීමට ගිය පොලීසියට අනතුරක්

වික්ටෝරියා ප්‍රාන්තයේ Geelong හීදි සිදුවූ මෝටර් රථ සොරකමක් වැළැක්වීමට යාමේදී එක් නිළධාරියෙකු මෝටර් රථයක ගැටී තවත් නිලධාරීන් දෙදෙනෙකුට පහර දීමක් සිදුවී තිබෙනවා.

Read More »