Search

පැතිර යන ලැව් ගිනි නිසා වික්ටෝරියා ප්‍රාන්ත වැසියන්ට දැනුම්දීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ බැලරට් වලට උතුරින් ප්‍රදේශයේ පැතිර යන ලැව්ගිනි හේතුවෙන් එම ප්‍රදේශයෙන් වහාම ඉවත් වන ලෙසට හදිසි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ පවතින ලැව්ගිනි හේතුවෙන් මේ වන විට එක් නිවසක්වත් විනාශ වී ඇති අතර තවත් දේපල හානි සිදු විය හැකි බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

ගින්නේ ක්‍රියාකාරීත්වය සහ ප්‍රදේශයේ දුෂ්කර භූමි ප්‍රදේශය හේතුවෙන් හානියේ සම්පූර්ණ ප්‍රමාණය තක්සේරු කිරීමට යම් කාලයක් ගතවනු ඇති බව සඳහන්.

ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරයා පැවසුවේ ගිනි නිවන භටයන් රාත්‍රිය පුරා වැඩ කළ බවත්, සිසිල් කාලගුණයක් පැවතිය ද ගින්න අතිශයින් ක්‍රියාකාරී වූ බවයි.

ගුවනින් සිදු කරනු ලැබූ ගිනි නිවීමේ මෙහෙයුම් මගින් දේපල 50ක් පමණ ආරක්ෂා කර ගැනීමට හැකි වී ඇති අතර බයින්ඩීන් රොකී මාර්ගයේ හෙක්ටයාර් 11,000 ක් පමණ විනාශ වී තිබෙනවා.

ලැව් ගිනි මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවන භටයින් 1000 කට වැඩි පිරිසක් සහ ගිනි නිවන ගුවන් යානා 24 ක් යොදවා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අභියෝගාත්මක තත්වයන් සමඟ ආරක්ෂක අංශ මෙහෙයුම්වල නිරත බැවින් ඉවත් වීමේ නියෝග අනුගමනය කර අනතුරු ඇඟවීම්වලට අවනත වන ලෙසට නුජෙන්ට් නිවැසියන්ගෙන් ඉල්ලා තිබෙනවා.