Search

ඔස්ට්‍රේලියාවේ බ්ලූ පසු කර ගිය බොබීට ගිනස් ලෝක වාර්තාව අහිමි වෙයි

ලොව වයස්ගතම සුනඛයා ලෙසට වාර්තා අතරට එක්ව සිටි ඔස්ට්‍රේලියාවේ බ්ලූ නම් සුනඛයාගේ වයස ඉක්මවා යමින් ජීවත් වීම හමුවේ ගිනස් වාර්තාවට හිමිකම් කියූ බොබි නම් සුනඛයාගෙන් එම වාර්තාව ඉවත් කරගෙන තිබෙනවා.

එම සත්වයාගේ සැබෑ වයස පිළිබඳ ඇති වූ ගැටලුවක් මතයි ලොව වයස්ගතම සුනඛයා ලෙසට ගිනස් වාර්තාවේ සටහන් වූ නාමය ඉවත් කර ඇත්තේ.

ගිනස් ලෝක වාර්තා කමිටුව ප්‍රකාශ කළේ පසුගිය වසරේ මියගිය වයෝවෘද්ධ සුනඛයා පිළිබඳ ප්‍රකාශ කළ තරම් වයස්ගත වූ බවට සාක්ෂි නොමැති බවයි.

ගිනස් ලෝක වාර්තා කමිටුව ප්‍රකාශ කළේ බොබිගේ වයස ඔප්පු කිරීමට ලබා දී ඇති මයික්‍රොචිපය එම සම්මානය ලබා දීමට තරම් ප්‍රමාණවත් සාක්ෂියක් නොවන බවයි.

පසුගිය 2023 වසරේ පෙබරවාරි මාසයේදී බොබී ට ලොව වයස්ගතම සුනඛයා ලෙසට වන ගිනස් වාර්තාවට අදාළ සහතිකය පිරිනමනු ලැබුවා.

නව ගිනස් වාර්තාවේ හිමිකරු වන්නේ කුමන සුනඛයා ද යන්න තවමත් තීරණය කර නැහැ.

බොබී ගේ වර්ගයේ සුනඛයන් සාමාන්‍යයෙන් අවුරුදු 12ක් 14ක් පමණ ජීවත් වන අතර බොබීට එම සම්මානය පිරිනමන විට වයස අවුරුදු 30ක් බවටයි ප්‍රකාශ කෙරුණේ.

2023 වසරේ ඔක්තෝම්බර් මාසයේදී එම සත්වයා මිය ගියේ අවුරුදු 31යි සහ දින 165ක්ව තිබියදී බව සඳහන් කෙරුණා.

ගිනස් ලෝක වාර්තා කමිටුව සඳහන් කළේ බොබීගේ උපන් දිනය නිශ්චිතවම ඔප්පු කළ හැකි නිශ්චිත සාක්ෂියක් ඉතිරිව නොමැති බවයි.

මීට පෙර මෙතෙක් ලොව සිටි වයස්ගතම සුනඛයා ලෙසට වාර්තා වූයේ ඔස්ට්‍රේලියාවේ බ්ලූ නම් සුනඛයා යි.

1939 වසරේ දී වයස අවුරුදු 29යි මාස 5ක් ව තිබියදී එම සත්වයා මිය ගියා.

ලොව පළමු ට්‍රිලියනපතියා ගැන නවතම අනාවරණයක්

ලොව ධනවත් පුද්ගලයින්ගේ වත්කම් සම්බන්ධයෙන් යාවත්කාලීන කරන ලද නවතම වාර්තාවකට අනුව යළිත් ඊලෝන් මස්ක් අංක එකේ ලොව සුපිරි ධනවතා බවට නම් කර තිබෙනවා.

Read More »