භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් පාලමක ගැටී ගැටී දකුණු චීනයේ 5ක් මරුට

භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් දකුණු චීනයේ පාලමක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් කාර්ය මණ්ඩල සාමාජිකයෙකු තුවාල ලබා තිබෙනවා.

චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ පර්ල් ගංගා ඩෙල්ටාවේ පිහිටි ලි සින්ෂා (Lixinsha) පාලමේ නෞකාව ගැටී ඇති අතර වාහන දෙකක් ජලයට වැටී තවත් තුනක් යාත්‍රාව මතට වැටී ඇති බවයි.

අනතුරින් පසු පුද්ගලයින් දෙදෙනෙකු ආරක්ෂිතව බේරා ගෙන ඇති අතර පසුව විශේෂ ගලවා ගැනීමේ මෙහෙයුමක් ද ආරම්භ වී තිබුණා.

ලි සින්ෂා පාලම පිහිටා ඇත්තේ ප්‍රධාන ජාත්‍යන්තර නැව් මධ්‍යස්ථානයක් වන ග්වන්ජෝ (Guangzhou) ආසන්නයේ යි.

විවිධ ව්‍යුහාත්මක ගැටළු හේතුවෙන් පාලම ශක්තිමත් කර නැවත ඉදි කිරීමේ කටයුතු මෑත වසරවලදී නැවත නැවතත් කල් දමා තිබූ බව චීන මාධ්‍ය වාර්තා කළා.

තරග පැරදුණු ශ්‍රී ලංකා කණ්ඩායම ගංවතුරට කොටුවෙයි

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට බලපෑම් කර ඇති ජලගැලීම් තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ද බටහිර ඉන්දීය දූපත් බලා පිටත්ව යාමට නොහැකි වී ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා සම්බන්ධ නවතම තත්වය මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ නව රැකියා 40,000ක් නිර්මාණය වීමත් සමඟ විරැකියා අනුපාතය සුළු වශයෙන් පහත වැටී ඇතැයි නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »