
ලොව උසම මිනිසා ලෙස ගිනස් වාර්තාවට හිමිකම් කියන තුර්කි ජාතික සුල්තාන් කෝසෙන් සහ ලොව මිටිම කාන්තාව ලෙස ගිනස් වාර්තාවට හිමිකම් කියන ඉන්දීය ජාතික ජෝති අම්ගේ පසුගියදා අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේදී මුණ ගැසී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එකිනෙකාට හාත්පසින්ම වෙනස් පුද්ගලයන් දෙදෙනා එකට එක්වී සිටින අයුරු දැක බලා ගැනීමට බොහෝ ජනතාවක් එක් රැස්වූ බවයි.
අඩි දෙකක් උසැති 30 හැවිරිදි ජෝති අම්ගේ සහ අඩි 8යි අඟල් 2.8ක් උස 41 හැවිරිදි සුල්තාන් කෝසෙන් අතර උස පරතරය අඩි 6ක් බව සදහන්.

කෝසෙන් උසම මිනිසා ලෙස ගිනස් වාර්තා පොතට ඇතුළත් වූයේ 2009 වසරේදියි.
උසින් පමණක් නොව දිගම දෑතට ද ඔහු හිමිකම් කියන අතර, ඔහුගේ මැණික් කටුවේ සිට මැදැඟිල්ලේ අවසන් කෙළවර දක්වා දිග සෙන්ටිමීටර් 11.22ක් බව සඳහන්.

ජෝතිගේ උස දෙහැවිරිදි දරුවකුගේ සාමාන්‍ය උසට සමාන වන අතර, 18 හැවිරිදි වියේදී ඇගේ බර කිලෝග්‍රෑම් 5ක් පමණ වී තිබුණා.
ගිනස් වාර්තාවේ නිල ප්‍රකාශනයට අනුව ජෝතිගේ කෙටි උසට හේතු වී ඇත්තේ ඇකොන්ඩ්‍රොප්ලාසියා (achondroplasia) නම්වූ විශේෂ ස්වරූපයක් වන අතර කිසි විටෙකත් නිශ්චිත උසකින් ඔබ්බට එම ස්වරූපය වර්ධනය නොවන බව සදහන්.