Search

මෙඩිකෙයා ජාතික සෞඛ්‍ය සේවා පද්ධතියෙන් සංක්‍රමණිකයන්ට ප්‍රතිලාභ ලැබෙන හැටි

මෙඩිකෙයා (Medicare) ඔස්ට්‍රේලියානු ජාතික සෞඛ්‍ය සේවා පද්ධතිය ආරම්භ කර වසර 40ක් සපිරීම නිමිත්තෙන් ඔස්ට්‍රේලියානු රජය විසින් සමරු කාඩ් පතක් නිකුත් කර තිබෙනවා.

මෙඩිකෙයා පහසුකම ආරම්භ කර වසර 40ක් ගතවුව ද බොහෝ පිරිසකට මේ පිළිබඳ නිසි අවබෝධයක් නොමැති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් සෞඛ්‍ය විශේෂඥයන් පිරිසක් රජයට යෝජනා කර ඇත්තේ Medicare පහසුකම් පිළිබද ජනතාව දැනුවත් කර කාර්යක්ෂම සේවාවක් ලබා ගැනීමට නව වැඩසටහන් හඳුන්වා දෙන ලෙසයි.

ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය සංසදයේ ප්‍රධාන විධායක නිලධාරීනී එලිසබෙත් ඩ්වෙනි පෙන්වා දෙන්නේ Medicare පහසුකම ඔස්ට්‍රේලියානුවන්ට ඉතාම වැදගත් සේවාවක් වුව ද නිසි ප්‍රතිලාභ ජනතාව නොගැනීම කණගාටුවට කරුණක් බවයි

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණිකයන්ට මේ පිළිබඳ දැනුවත් කිරීම අත්‍යාවශ්‍ය බව දන්වා ඇති අතර
මෙඩිකෙයා සේවාව ලබා ගැනීමට හැකි වන්නේ ඇතැම් වීසා බලපත්‍ර හිමි සංක්‍රමණිකයන් පිරිසකට පමණක් වීම විශේෂත්වයක්.

සංක්‍රමණිකයෙකු ලෙස ඔස්ට්‍රේලියාවට පැමිණි විට සෞඛ්‍ය අයීතීන් පිළිබද දැනුවත්වීම අත්‍යවශ්‍ය වන අතර සංක්‍රමණිකයන්ව දැනුවත් කිරීම වෙනුවෙන් ඵලදායී වැඩසටහන් ආරම්භ කිරීමට ද යෝජනා ඉදිරිපත්ව තිබෙනවා.

40වන සංවත්සරයට සමගාමීව medicare අයිතිවාසිකමක් පිළිබඳ ඔස්ට්‍රේලියානුවන්ට මෙන්ම සංක්‍රමණිකයින්ට ද ඉදිරියේදි වැඩි ප්‍රතිලාභ ලබා ගැනීමට අවස්ථා ලැබෙනු ඇති.

ස්වර්ගස්ථ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ඡායාරූපයක් පළමුවරට නිකුත් කරයි

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසු ඔහුගේ පළමු ඡායාරූපය වතිකානුව විසින් නිකුත්කර තිබෙනවා.

Read More »