දරා ගන්න පුළුවන් මුදලකට නිවසක් ගන්න ඔස්ට්‍රේලියාවේ හොඳම නගරය ගැන ඔබ දන්නවා ද?

ඔස්ට්‍රේලියාවේ දැරිය හැකි මිල ගණන් යටතේ තමන්ගේම නිවසක් මිලදී ගැනිමට වඩාත් සුදුසු නගරට ලෙස පර්ත් නගරය නම් කර තිබෙනවා.

ඩොමේන් (Domain) ආයතනය විසින් පසුගියදා එළිදක්වා තිබු නවතම අධ්‍යයනය මගින් ඔස්ට්‍රේලියානුවෙකු තමන්ගේම නිවසක් මිලදී ගැනීමට කොපමණ කාලයක් තැම්පතුවක් පවත්වාගත යුතු ද සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරි පත් කර තිබුණා.

එහි දක්වා ඇත්තේ පර්ත් නගරයෙන් නව නිවසක් මිලදී ගැනීම සඳහා සාමාන්‍ය යුවළකට අවම වශයෙන් වසර තුනක් තුල අවශ්‍ය මූලික තැන්පතුව ඉතුරු කරගත හැකි බවයි.

මෙහිදි සිඩ්නි අගනුවරින් තමන්ගේම නිවසක් මිලදී ගැනීමට හැකි මිල අඩුම ප්‍රදේශ ලෙස වෝන් (Wyong), සෙන්ට් මේරිස් (St Marys) , වොලොන්ඩිලී (Wollondilly) සහ මවුන්ට් ඩෲට් (Mount Druitt) ලෙස සදඳහන්ව ඇති අතර අවශ්‍ය තැන්පතුව සඳහා වසර 6ක් ගතවන බව සදහන්.

මෙල්බන් නගරයේ මෙල්ටන් මාශ් (Melton-Bacchus Marsh), සන්බරි(Sunbury) හෝ ටුල්ලාමරීන් (Tullamarine-Broadmeadows) වල නිවසක් මිලදි ගැනීමට ඉතිරිකිරීම් අද සිට ආරම්භ කළහොත් 2028 වනතෙක් බලා සිටීමට සිදුවනු ඇති.

මේ අතර නිවසක් මිලදී ගැනීමෙන් පසුව නිවාස ණය ගෙවීම සඳහා බොහෝ ඔස්ට්‍රේලියානුවන්ට තම ආදායමෙන් 40%ක් පමණ වෙන් කිරීමට සිදුවන බවද එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මේ හේතුවෙන් බොහෝ ඔස්ට්‍රේලියානුවන් දැඩි ආතතියෙන් පසුවන බවද සඳහන්

නිවාස මිලදී ගැනීමෙදේ වැඩිම ආතතියකින් පසුවන්නේ සිඩ්නි නිවෙස් හිමියන් වන අතර ඩාවින් නිවෙස් හිමියන් අවම නිවාස ණය ආතතියකින් පසුවන බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මේ වසර අවසානයේ පොලී අනුපාතිකය පහළ යනු ඇති බව බොහෝ දෙනෙක් අපේක්ෂා කරන අතර එහිදි පළමු නිවෙස් ගැනුම්කරුවන්ට යම් සහනයක් ලැබෙනු ඇතැයි විශ්වාස කෙරෙනවා.

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමට මැදිහත් වූ තවත් අයෙකුට ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය

බොන්ඩායි ජන්ෂන්හි සාප්පු සංකීර්ණයකඅ සිදු වූ පිහි ඇනුමේදී තුවාල ලැබූ පකිස්ථාන ජාතික ආරක්ෂක නිලධාරියාට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පුරවැසිභාවය ලැබෙන බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනිස් තහවුරු කර තිබෙනවා.

Read More »