Search

කෝපයට පත්වන ඔස්ට්‍රේලියානු රියදුරන් ගැන අලුත්ම හෙළිදරව්වක්

ඔස්ට්‍රේලියානු රියදුරන්ගෙන් සියයට 74ක් මාර්ග තදබදය හේතුවෙන් රිය ධාවනයේ දී කෝපයට පත්වන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

ෆයින්ඩර් විසින් කරන ලද නව පර්යේෂණයකට අනුව ඔස්ට්‍රේලියානු රියදුරන් බොහෝ දෙනෙක් මෙලෙස මාර්ග කෝපාවිෂ්ඨ සිදුවීම්වලට ගොදුරු වෙමින් සිටින බවයි වාර්තා වන්නේ.

රියදුරන් 1056 දෙනෙකු යොදා ගනිමින් මෙම අධ්‍යයනය සිදු කර ඇති අතර ඔවුන්ගෙන් 4න් තුනකට වැඩි පිරිසක් රිය ධාවනයේදී ප්‍රකෝපකාරී හැසිරීම්වලට මුහුණ දී ඇති බව සඳහන්.

අනවශ්‍ය ලෙස වාහන නලා ශබ්ද කිරීම්, වාහන තදබදය, මාර්ග සංඥා වැනි හේතු නිසා රියදුරන් වැඩි පිරිසක් මෙලෙස රිය ධාවනයේ දී කෝපයට පත්වන බවයි හෙළිවී තිබෙනවා.

Finder හි රක්ෂණ විශේෂඥ ග්‍රේ රෝස් පැවසුවේ මාර්ග කෝපය ‍රියදුරන් අතර සුලබව පවතින බවයි.

හැරවුම් සංඥා නිසි ලෙස ක්‍රියාත්මක නොකරන රියදුරන් හේතුවෙන් මෙම කෝපය තවත් වර්ධනය වී ඇති බවද සඳහන්.

සෑම රියදුරන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් අනෙක් රියදුරන්ට ඇඟිලි දිගුකරමින් තර්ජනාත්මකව බැන වැදීම් ද සිදු කරන බවයි වාර්තා වන්නේ.

රියදුරන් තමන්ගේම ආක්‍රමණශීලී රිය පැදවීම නිසා ඇති වූ අනතුරකට සම්බන්ධ වුවහොත් ඔවුන්ගේ මෝටර් රථ රක්ෂණ හිමිකම් ප්‍රතික්ෂේප කිරීමේ අවදානමක් ද පවතින බව රියදුරන්ට සිහිපත් කර දෙනවා.