Search

නිවසේ සිට වැඩ කරන අයට අගමැති ඇන්තනී ඇල්බනීස්ගෙන් සහනයක්

වැඩි ඵලදායිතාවක් සඳහා නම්‍යශීලී රැකියා විධි විධාන සම්බන්ධයෙන් තම රජය සහාය වන බව අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.

ඔස්ට්‍රේලියානු ඔම්බුට්ස්මන් කාර්යාලය දක්වා ඇති සේවා ඵලදායිතා නිර්දේශ සැලකිල්ලය ගනිමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ.

ඒ අනුව නිවසේ සිට රැකියා කිරීමට කැමති පිරිස සඳහා අවස්ථාව ද, ඊට අවශ්‍ය පහසුකම් සලසාදීම කෙරෙහි ද අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමුව ඇති බව සඳහන්.

රැකියාලාභීන්ගේ ඵලදායිතාව වැඩිදියුණු කිරීම සහ රැකියා ස්ථානයට පැමිණීමට ගත වන කාලය අවම කිරීම මෙහි අරමුණයි.

බොහෝ පිරිස් රැකියාව සඳහා පැමිණිමේ දි රැකියා ස්ථානයෙන් පිටත අවම වශයෙන් පැය 3ක කාලයක් අපතේ යෑම පාලන කිරීමේ අරමුණින් මෙය සිදු කළ බවයි අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

මෙම නම්‍යශීලී රැකියා විධිවිධාන රැකියාවල නිරත වන මව්වරුන්ට මෙන්ම කාන්තාවන්ට ඉතා ධනාත්මක විය හැකි බව ද සඳහන්.

කෙසේ වෙතත් විචාරකයින් පෙන්වා දෙන්නේ නිවසේ සිට රාජකාරි කිරීම ඒකාකාරී විය හැකි අතර අවම වශයෙන් එක්දිනක් හෝ රැකියා ස්ථානය සදහා පැමිණීම අනිවාර්‍ය කිරීම වඩාත් සුදුසු බවයි.

ඔස්ට්‍රේලියා නිපුණතා හිඟයට University වලින් විසඳුම්

ඔස්ට්‍රේලියා විශ්ව විද්‍යාල පුහුණු ශ්‍රමිකයින්ගේ අවශ්‍යතා වෙනුවෙන් විශේෂිත වැඩසටහන් දියත්කරමින් සිටින බව මෙල්බන් විශ්ව විද්‍යාලය පවසනවා.

Read More »