Search

අඟහරු ග්‍රහයා මතුපිට ජීවත්වෙන්න කැමති අයගෙන් නාසා ආයතනය අයදුම්පත් කැඳවයි

ග්‍රහලෝකයක් තුළ ජීවත් වීමට කැමැත්තකින් පසුවන පුද්ගලයන්ට ඒ සඳහා අවස්ථාව උදා කර දීමට නාසා ආයතනය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව අඟහරු ග්‍රහයා මත ජීවත් වීමට ඉදිරියේ දී සීමිත පිරිසකට අවස්ථාව හිමිවනු ඇති.

අඟහරු ග්‍රහයා මත පෘථිවි ජීවීන්ට ජීවත් විය හැකි ද යන්න පිළිබඳ සිදුකරනු ලබන නවතම අධ්‍යනයක් සඳහා මේ දිනවල නාසා ආයතනය අයදුම්පත් කැඳවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අඟහරු ග්‍රහ ලෝකය තුළ ජීවත් වීමට පෙර ඊට අතිශයින් ම සමාන ත්‍රිමාන ආකෘතියක් තුළ ජීවත්වීම සදහා සිව් දෙනෙකුගෙන් සැදුම්ලත් ස්වේච්ඡා කාර්ය මණ්ඩලයක් මේ සඳහා යොමු කිරීමට නාසා ආයතනය සැලසුම් කර තිබෙනවා.

මෙම ව්‍යාපෘතියෙහි අරමුණ වනුයේ අනාගතයේදී අඟහරු මතුපිටට ගොඩබසින ගගනගාමීන් ගේ ජීවන තත්ත්වයට සමාන වන පරිදි මෙහි ක්‍රියාකාරීත්වය මැනීමයි.

මෙ සඳහා සුදුසුකම ලබන්නන්ට ග්‍රහලෝක ආකෘතිය තුල භෝග වගා කිරීම, වාසස්ථාන නඩත්තු කිරීම, ව්‍යායාම කිරීම, රොබෝ මෙහෙයුම් සිදු කිරීම සහ අභ්‍යවකාශ ඇවිදීම් සිදු කළ හැකියි.

ඊට අයදුම් කිරීමේ ක්‍රියාවලිය මේ වන විට සිදුවන අතර එය අප්‍රේල් මස 2 වන දායින් අවසන් වනු ඇති.

අයදුම්කරුවන් ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ප්‍රවීණයන් වීම අත්‍යාවශ්‍ය වන අතර වයස අවුරුදු 30ත් 55 ත්අතර දුම්පානය නොකරන නිරෝගී එක්සත් ජනපද පුරවැසියෙක් වීම අනිවාර්යයි.

අයදුම්කරුවන්ට මෙහිදී වැඩි ප්‍රතිලාභ හිමිවන අතර අභ්‍යාවකාශ ගවේෂණ කටයුතුවලට මෙන්ම නාසා ආයතනයේ කාර්යයන්වලට දායක වීමට ද උනන්දුවක් තිබිය යුතු වනවා.

අයදුම්කරුවන් ඉංජිනේරු, ගණිතය, ජීව විද්‍යා,පරිගණක හෝ භෞතික විද්‍යාව වැනි ක්ෂේත්‍රයක ශාස්ත්‍රපති උපාධියක් අවශ්‍ය වන අතර අවම වශයෙන් වසර දෙකක එම ක්ශේත්‍රයන්හි පලපුරුද්ද අනිවාර්ය වන බවද සඳහන්.

දින 8කට පසු ඔස්ට්‍රේලියානු $ අගය වෙනස් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (16) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 188 කට ආසන්න වී තිබෙනවා.

Read More »

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ට පිහි ඇනුමක්

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ගේ මුම්බායි නිවසට අනවසරයෙන් ඇතුළු වූ අයෙක් ඔහුට පිහියෙන් ඇන ඇති බවට NDTV පුවත් සේවය වාර්තා කරනවා.

Read More »