Search

සුපිරි වෙළඳසැල්වල අලෙවි කළ පාන් විශේෂයක් යළි කැඳවයි

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැල්හි අලෙවි වු ග්ලූටන් රහිත පාන් විශේෂ කිහිපයක් ආපසු කැඳවීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා

පාන්වල තිබී ප්ලාස්ටික් වැනි යමක් හමුවීම හේතුවෙන් ඒවා මෙලෙස නැවත කැඳවීමට පියවර ගෙන ඇතැයි සඳහන්.

රට පුරා පිහිටි සියලුම සුපිරි සහ ප්‍රධාන පෙලේ වෙළඳසැල්වල අලෙවිය සඳහා මෙම පාන් යොමු කර තිබූ බවට අනාවරණ වී තිබෙනවා.

ඒ අනුව වර්ග තුනක් මෙලෙස කැදවා ඇති අතර නිෂ්පාදන දින සහ කල් ඉකුත්වීම් දින අනුව 2024 පෙබරවාරි 17 සිට 2024 මාර්තු 9 දක්වා වූ ද “බ්‍රෝකන් බ්ලැක් රයිස්” (The Broken Black Rice), 2024 මාර්තු 1 වන දින සිට 2024 මාර්තු 12 දක්වා වූ “ද එව්රිතින්ග් සවුර්ඩව් බගල්ස්” (The Everything Sourdough Bagels) සහ 2024 පෙබරවාරි 17 වෙනිදා සිට 2024 මාර්තු 9 දක්වා වූ “ද ස්ප්ලෙන්ඩින්ග් සවුර්ඩව් ඉංග්ලිෂ් මෆින්ග්” (The Splendid Sourdough English Muffing) යන නිෂ්පාදන තුන කැඳවීමටයි පියවර ගෙන ඇත්තේ.

පාරිභෝගිකයින් අදාළ නිෂ්පාදන මේ වන විටත් මිලදී ගෙන ඇති නම් පරිභෝජනයෙන් වලකින ලෙස උපදෙස් ලබා දෙන අතර ඒවා මිලදී ගත් වෙළඳසැලට භාර දී මුදල් ආපසු ලබා ගැනීමේ හැකියාව ද පවතිනවා.

ඔස්ට්‍රේලියාවේ ආහාර ප්‍රමිති ආයතනය පැවසුවේ ප්ලාස්ටික් තිබීම හේතුවෙන් නැවත කැඳවීම සිදු වූ අතර එම පාන් පරිභෝජනය කළහොත් අසනීප හෝ තුවාල විය හැකි බවයි.

නැවත කැඳවීම පිළිබඳ වැඩිදුර තොරතුරු ඔස්ට්‍රේලියාවේ ආහාර ප්‍රමිති ආයතනයේ වෙබ් අඩවියට පිවිසිමෙන් ලබාගත හැකියි.

මහීෂ් තීක්ෂණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

අයි සී සී නවතම ශ්‍රේණිගත කිරීම්වල එක්දින පන්දු යවන්නන්ගේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමත්ව තිබෙනවා.

Read More »