Search

විදෙස් සංචාරවලට යන ඔස්ට්‍රේලියානුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ උපදෙස් මාලාවක්

විදේශ රටවල සංචාරයේ යන ඔස්ට්‍රේලියානුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් උපදේශන මාලාවක් නිකුත් කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානු රජයේ නිල සංචාරක උපදේශක ස්මාර්ට් ට්‍රැවලර් (Smart Traveler) විසින් මෙම දැනුවත් කීරීම නිකුත් කර ඇති අතර විදේශයන්හිදී ජනතාවට සිදුවන අපහසුතා අවම කිරීම මෙහි අරමුණයි.

විදේශයකදී ජනාකීර්ණ ප්‍රදේශවල ගැවසීමේදී, පොදු පොදු ස්ථාන සහ පොදු ප්‍රවාහනය භාවිතයේදී ඔබේ වටිනා දෑ සහ ලියකියවිලි හැකිතාක් නවාතැන් ගන්නා ස්ථානයේ ආරක්ෂිතව තබා යන ලෙස මෙමගින් උපදෙස් ලබාදී තිබෙනවා.

විශේෂයෙන් තම වටිනා භාණ්ඩ සුරක්ෂිතව තබාගෙන වටපිටාව ගැන අවදානයෙන් සිටීම වැදගත් වනු ඇති.

විනිවිද පෙනෙන බෑග් රැගෙන යාමෙන් වැළකීම වඩාත් සුදුසු අතර පසුම්බිවල වටිනා දෑ දැමීමෙන් වළකින ලෙසයි වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

පොදු ප්‍රවාහනය භාවිතා කරන විට සංචාර කල්තියා සැලසුම් කර නැවතුම් ස්ථාන සම්බන්ධයෙන් දැන ගැනීම වැදගත් බව ද ප්‍රකාශ කර තිබෙනවා.

විශේෂයෙන් ඇතැම් රටවල මංකොල්ලකෑම් ඇතුළු අපරාධ අනුපාතය ඉහළ මට්ටමක පවතින අතර විදේශ සංචාරයක් යෑමට පෙර එම රටේ ස්වභාවය පිළිබඳ කල්තියා අධ්‍යනය කිරීම සංචාරය තවදුරටත් ආරක්ෂාකාරී කළ හැකි බවට උපදෙස් ලබා දෙනවා.

පුද්ගලික ආරක්ෂාව සහ විදේශ සංචාරය සදහා තෝරා ගන්නා බඩු බාහිරාදිය සම්බන්ධයෙන් ද සැලකිලිමත් වන ලෙසටයි දැනුම් දී ඇත්තේ.

මිල අධික භාණ්ඩ විදේශ ගත කිරීමට අවශ්‍ය දැයි තීරණය කර අවශ්‍ය නොමැති නම් ඒවා නිවසේ තබා යාමට කටයුතු කරන ලෙසට මෙන්ම සංචාරයට පෙර සංචාරක රක්ෂණයක් ලබා ගැනීම සම්බන්ධයෙන් ද ඔස්ට්‍රේලියානුවන්ට මෙමගින් උපදෙස් ලබා දී තිබෙනවා.

බොරු මිල ගණන් කියන වික්ටෝරියා Real Estate නියෝජිතයන්ට වැඩ වරදින ලකුණු

නිවාස වෙන්දේසිවලට පෙර අසත්‍ය මිල ගණන් ප්‍රකාශයට පත් කරන වෙන්දේසිකරුවන්ට එරෙහිව දැඩ් පියවර ගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »