Search

ඔස්ට්‍රේලියාවේ ප්‍රසිද්ධ රදගුරුවරයෙක් හිතන්න වත් බැරි චෝදනා නිසා පොලිස් අත්අඩංගුවට

ඔස්ට්‍රේලියානු රදගුරු ක්‍රිස්ටෝපර් සෝන්ඩර්ස්ට ළමා අපචාර ද ඇතුලුව ස්ත්‍රී දූෂණ සහ ලිංගික අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙනවා.

74 හැවිරිදි රදගුරුවරයා බටහිර ඔස්ට්‍රේලියානු නගරයක් වන බෘම් හිදී ඊයේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිසිය සහ අති උතුම් පාප් වහන්සේගේ උපදෙස් මත කරන ලද විමර්ශනවලින් අනතුරුවයි.

චෝදනා ප්‍රතික්ෂේප කළ සෝන්ඩර්ස්ට ඇප ලබාදී නොමැති අතර චෝදනා 19ක් යටතේ ඔහු අද අද අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

රදගුරුවරයාට එල්ල වී ඇති චෝදනා අතර ස්ත්‍රී දූෂණ දෙකක්, පහරදීම් 14ක් සහ ඔහුගේ භාරයේ සිටින දරුවෙකු සමඟ අශෝභන ලෙස කටයුතු කිරීමේ චෝදනා තුනක් ඇතුළත්.

1976 දී ප්‍රථම වරට පුජකවරයෙකු වූ සෝන්ඩර්ස් සිය වෘත්තීය ජීවිතයෙන් වැඩි කාලයක් ගත කර ඇත්තේ කිම්බර්ලි ප්‍රදේශයේ වන අතර 1996 දී බෲම් හි බිෂොප්වරයා ලෙස පත් කරනු ලැබුවා.

දේවස්ථානයට පැමිණෙන ආදිවාසී පිරිමි පුද්ගලයන් කිහිප දෙනෙකු විසින් එල්ල කරන ලද ලිංගික අපයෝජන චෝදනා සම්බන්ධයෙන් ද අගරදගුරුවරයා මීට පෙර පරීක්ෂණවලට මුහුණ දී තිබෙනවා.

මෙම චෝදනා ප්‍රථම වරට 2020 වසරේ දී ආරම්භ වුව ද මූලික පොලිස් විමර්ශනය කිසිදු චෝදනාවකින් තොරව අවසන් වූ බවටයි චෝදනා පවතින්නේ.

කෙසේ වෙතත්, පාප් වහන්සේගේ නියෝග අනුව සිදු කළ පරීක්ෂණයකින් පසුව එහි පිටු 200 ක වාර්තාව පසුගිය වසරේ මාධ්‍ය වෙත අනාවරණ වීමෙන් අනතුරුව පොලිසිය නව පරීක්ෂණයක් ආරම්භ කර තිබුණා.

ඔස්ට්‍රේලියා නිපුණතා හිඟයට University වලින් විසඳුම්

ඔස්ට්‍රේලියා විශ්ව විද්‍යාල පුහුණු ශ්‍රමිකයින්ගේ අවශ්‍යතා වෙනුවෙන් විශේෂිත වැඩසටහන් දියත්කරමින් සිටින බව මෙල්බන් විශ්ව විද්‍යාලය පවසනවා.

Read More »