බටහිර ඔස්ට්‍රේලියාවේ ගිනි අවි හිමිකරුවන්ට සුවිශේෂී අවස්ථාවක්

බටහිර ඔස්ට්‍රේලියාවේ ගිනි අවි හිමිකරුවන්ට තම අවි ස්වේච්ඡාවෙන්ම රජයට අලෙවි කිරීමට හැකි වැඩසටහනක් ආරම්භ වී තිබෙනවා.

මෙම වැඩසටහන ආරම්භ වීමත් සමග එක් ගිනි අවි හිමිකරුවෙකු සිය ආයුධ භාර දීම සඳහා පර්ත් පොලිස් ස්ථානය වෙතට අලුයම 4ට පැමිණ සිටි බවයි වාර්තා වන්නේ.

ගිනි අවි යළි ලබාදෙන පුද්ගලයන්ට ඒ සඳහා මුදලක් ගෙවනු ලබන අතර බටහිර ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රජය ඒ වෙනුවෙන් වෙන් කර ඇති මුදල ඩොලර් මිලියන 64.3ක්.

පසුගිය සතියේ රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද ස්වේච්ඡාවෙන් ගිනි අවි භාරදීමේ යෝජනා ක්‍රමය මගින් අනවශ්‍ය ගිනි අවි දස දහස් ගණනක් ඉවත් වනු ඇතැයි අපේක්ෂිතයි.

බලපත්‍රලාභී රිවෝල්වරයක් ඩොලර් 1000 දක්වා වූ මුදලකට රජයට විකිණීමට හිමිකරුවන්ට හැකියාව පවතිනවා.

අර්ධ ස්වයංක්‍රීය ගිනි අවි සඳහා ඩොලර් 833 දක්වා මිලක් ලැබෙන අතර අවුරුදු හයකට අඩු ද්විත්ව බැරල් අවියක් ඩොලර් 750ක පමණ මුදලකට මිලදී ගැනෙනවා.

බලපත්‍ර නොමැති ගිනි අවි ද නීතිමය ක්‍රියාමාර්ගවලින් තොරව මෙම වැඩසටහන යටතේ රජයට භාරදීමට හැකියාව පවතින අතර කෙසේවෙතත් එම ගිනි අවිවල හිමිකරුවන්ට මුදල් ගෙවීමක් සිදුවන්නේ නැහැ.

ගොවීන් සහ ගිනි අවි සමාජවල සාමාජිකයින්ට ළඟ තබා ගත හැකි අවි ප්‍රමාණය 10කට සහ විනෝදාස්වාදය සඳහා වෙඩි තැබීම්වල නිරතවන පුද්ගලයන්ට ළඟ තබා ගත හැකි ප්‍රමාණය 5කට සීමා කිරීමට එරෙහිව ඇතැම් ගිනි අවි හිමියන් විරෝධය පළ කරනවා.

බටහිර ඔස්ට්‍රේලියානුවන් 90,000ක පමණ පිරිසක් සතුව බලපත්‍රලාභී ගිනි අවි 360,000කට වැඩි ප්‍රමාණයක් ඇති අතර, නව නීති එම සියල්ලටම බලපානු ඇති.

ගිනි අවි ආපසු මිලදී ගැනීමේ යෝජනා ක්‍රමය සැප්තැම්බර් දක්වා හෝ ඩොලර් මිලියන 64.3ක අරමුදල අවසන් වන තුරු ක්‍රියාත්මක වනවා.

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »