Search

මෙල්බන් නුවර නිවාස ගැටලුව ගැන අලුත් අනාවරණයක්

නව නිවසක් මිලදී ගැනීමට වඩා කුලියට ගැනීමට තෝරා ගන්නා ඉහළ ආදායම් ලබන ඔස්ට්‍රේලියානුවන්ගේ ප්‍රමාණය තුන් ගුණයකින් වැඩි වී ඇතැයි හෙළිවී තිබෙනවා.

බොහෝ පිරිසක් නිවාස අංශයේ පවතින වෙළඳපොල අසාර්ථකත්වය විසඳීම සඳහා රජයේ මැදිහත්වීම ඉල්ලා සිටින බවටයි එම වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ.

ඔස්ට්‍රේලියා නිවාස හා නාගරික පර්යේෂණ ආයතනයේ 2021 වසරට අදාළ සංගණනයේ දත්ත අනුව හෙළිවී ඇත්තේ ජනතාවට දැරිය හැකි මිලකට ලබා ගත හැකි නිවාසවල දැවැන්ත හිඟයක් පවතින බවයි.

සිඩ්නි නුවර එවැනි නිවාස 72,000ක අවශ්‍යතාවක් පවතින අතර මෙල්බර්න්හි 71,600ක් සහ බ්‍රිස්බේන්හි 37,200ක් වශයෙන් සටහන් වී තිබෙනවා.

ඇඩිලේඩ් සහ පර්ත් යන නගර දෙකෙහිම ජනතාවට දැරිය හැකි මිලකින් යුත් දේපල 20,000කට වඩා අවශ්‍ය බවටයි සඳහන් වන්නේ.

විශේෂයෙන්ම අඩු ආදායම්ලාභීන්ට මෙම හිඟය දරා ගත නොහැකි අතර එවැනි අඩුම ආදායම් ලබන කුලී නිවැසියන් 348,000ක් පමණ ඔවුන්ගේ ආදායමෙන් සියයට 30කට වඩා වැඩි මුදලක් කුලී වශයෙන් ගෙවමින් සිටින බව සඳහන්.

ටස්මේනියා විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පැවසුවේ කුලී නිවාස වෙලඳපොල අසාර්ථක වී ඇතිඅතර ඔස්ට්‍රේලියානුවන්ට දැරිය හැකි මිලකට නිවාස ලබා ගැනීම සහතික කිරීම සඳහා නව ප්‍රතිපත්ති අවශ්‍ය බවයි.

Auslankatv Today’s Top Stories.2024.10.08

ඔස්ට්‍රේලියානුවන් සතුටින්ම කරන රැකියා ගැන අනාවරණයක් මාරාන්තික කුරුලු උණ ගැන වික්ටෝරියා ගොවීන්ගෙන් හදිසි අනතුරු ඇඟවීමක් $2000කට මුහුණේ රැළි ඉවත් කරන්න ඔස්ට්‍රේලියාවේදී අවස්ථාව ප්‍රාන්ත දෙකකට දරුණු

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකුවක් පොලී අනුපාත අඩු කරයි

පවතින ජීවන වියදම් අර්බුදය මධ්‍යයේ මෙරට දැවැන්ත බැංකු හතරෙන් එකක් වන නැෂනල් ඔස්ට්‍රේලියා බැංකුව (NAB) විසින් ස්ථාවර පොලී අනුපාත (fixed interest rates) අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

$2000කට මුහුණේ රැළි ඉවත් කරන්න ඔස්ට්‍රේලියාවේදී අවස්ථාව

වැඩිහිටි වියට පැමිණීමත් සමග මුහුණේ සම මත හට ගන්නා රැළි සම්පූර්ණයෙන් ඉවත් කිරීමේ නව ක්‍රමවේදයක් ඔස්ට්‍රේලියාවේ දී හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »